අතුකෝරාළ නඩුවේ මරණ දණ්ඩනය නියම වූ අයට ජනාධිපති සමාව දිය යුතුය කියන උද්ඝෝෂනයට මම විරුද්ධය.
අනුර කොහොමත් එහෙම ජනාධිපති බලය පාවිච්චි කර එවැනි වැඩ කරන්නෙත් නැත.
කල යුත්තේ "මැයි 9" ගැන සත්‍ය සෙවීමේ කොමිසමක් පත්කර, වින්දිතයින්ට/ප්‍රහාරකයින්ට සැමට යුක්තිය ඉටුකිරීම සහ එම කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමය. නඩු දහස් ගාණක් අරගලය ගැන තවමත් ඇසෙමින් පවතී. එවැනි මහජන නැගිටීමක නඩු තනි තනි නඩු ලෙස ඇසීම යුක්තිය පසඳලීම නොවේ, ඒ කිසිවෙකුට කිසිවෙකු ගැන පෞද්ගලික ප්‍රශ්න තිබුණේ නැත. ජනාධිපති බලය පාවිච්චි කල යුත්තේ එවැනි යාන්ත්‍රණයක් ඇතිකිරීමටය.
එතකන් ඔය මරණ දණ්ඩනයට නියමවූ අයගේ දරු පවුල් රැක බලා ගැනීමට ගරු කටයුතු පුද්ගලයින් කීප දෙනෙකුගෙන් සමන්විත පාරදෘශ්‍යබවකින් යුතු අරමුදලක් පටන් ගැනීමය. එය කල යුත්තේ අරගලයට සහය වූ අය විසිනි. ලහිරු විජේසේකර (ඇකා) සහ නිර්මාල් රංජිත් දේවසිරිව එවැනි අරමුදලක් පටන් ගන්නේ නම් එහි සාමජිකයින් දෙදෙනෙකු ලෙස මම යෝජනා කරමි.
අර අත්හිටවූ සිර දඬුවම් නියමවූ හතරදෙනාට නියම කරපු රුපියල් 10,000 දඩ මුදලත්, අතුකෝරාල මන්ත්‍රීතුමාගේ බිරිඳට සහ ආරක්‍ෂක නිලධාරියාගෙ බිරිඳට ගෙවන්න කියා නියමකල 50,000 එම අරමුදලින්ම ගෙවා දැමීමය. හරි කෙනෙක් ඒක පටන් ගන්නව නම්, මම ඒ දඩ/වන්දි මුදල් ටික දෙනව.

නමුත් මතක තියාගන්න ඒ බිරිඳලා දෙන්නටම වෙන කාටවත් නොගෙවන වන්දි මුදලක් ගිය ආණ්ඩුවෙන් රජයේ මුදලින් ගෙවා ඇති බවය. ඊට අමතරව රක්‍ෂණ මුදල් කොපමණ ලැබුනාද කියා නොදනිමි.
ඊටත් අමතරව අතුකෝරාලගේ ආරක්‍ෂකයා වෙඩි තැබීමේන් මිය ගිය තරුණයා සහ ක්‍රිටිකලි තුවාල වූ අනිත් අයගේ පවුල් ගැන බැලීමට නම් අනුර ජනාධිපතිට හැකියාවක් ඇත. ඒ අයට වූ සධාරණයක් නැත.

(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)
[theleader.lk]