පාර්ලිමේන්තුවට එක නීතියක්, ජනතාවට තව නීතියක් ද? - සජිත් (VIDEO)

පාර්ලිමේන්තුව ඇතුළේ එක නීතියකුත් රටේ ජනතාවට තව නීතියකුත් තිබේදැයි කථානායකවරයා වහාම පැහැදිලි කළ යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත්

ප්‍රේමදාස පවසයි.

අද(10) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව කියා සිටියේ ය.

පාර්ලිමේන්තු සභාගැබ තුළ සහ පාර්ලිමේන්තුව තුළ පොදු දේපල පනත වලංගු නැතැයි සාවද්‍ය ප්‍රකාශයක් ඊයේ සිදු වූ බව පැවසූ විපක්ෂනායකවරයා දණ්ඩ නීති සංග්‍රහය මේ සභාව තුළ වලංගු නැද්දැයි කතානායකවරයා ප්‍රකාශ කළ යුතු බවද එහිදී සඳහන් කළේ ය.