වසා ඇති පිරිපහදුවේ සේවකයින්ට කෝටි 40 බෝනස් ? (VIDEO)

වසා දමා ඇති සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයින්ට කෝටි 40 බෝනස් ලබාදී ඇත්තේ කුමන පදනමක් යටතේ දැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු

මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අද (10) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කර සිටියේ ය.

පුවත්පතක පළ වූ වාර්තාවක් පදනම් කරගනිමින් මෙම ප්‍රශ්නය ඉදිරිපත් කළ අතර ඊට පිළිතුරු ලබා දෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ මූල්‍ය කළමනාකරු විසින් මීට පෙර අතිකාල දීමනා වශයෙන් කෝටි 250ක-300ක අතර මුදලක් ගෙවා ඇති නමුත් පසුගිය කාලවල දී මෙය කෝටි 40කට සීමා කර ඇති වග ඛනිජ තෙල් සංස්ථාව සහ ඛනිජ තෙල් බෙදා හැරීමේ ආයතනවලින් විමසීමේ දී අනාවරණය වූ බව ය.

එසේම, මාර්තු, අප්‍රේල්, මැයි යන මාසවල පිරිපහදුවේ වැඩ කටයුතු සිදු කෙරුණු අතර එහි වැඩ නවතා තිබුණේ ඉකුත් මාසයේ පමණක් නමුත් අත්‍යවශ්‍ය සේවාවලට ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කෙරුණු බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය.

ඒ අනුව, සෞඛ්‍ය අංශවලට ඉන්ධන බෙදා හැරීම සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා යන දිනවල දී සිදු කෙරුණු බවත් එම දිනවල සේවය කළ පිරිස්වලට අතිකාල දීමනා ගෙවා ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.