කළුකඩ මාෆියාවට එරෙහිව අසේල සම්පත් පාරිභෝගික අධිකාරියට (VIDEO)

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් අඩු වුව ද එහි වාසිය පාරිභෝගික ජනතාවට නොලැබෙන බවට සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය විසින්

පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අද (15) පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් එම සංගමයේ සභාපති අසේල සම්පත් කියා සිටින්නේ කළුකඩ හිමියන්ගේ මාෆියාව නවතා දැමීමට සිය සම්පූර්ණ සහය පාරිභෝගික අධිකාරියට ලබාදෙන බවයි.

එසේම, පාරිභෝගික අයිතීන් ආරක්ෂා කිරීම පිණිස පාරිභෝගික පනත ශක්තිමත් කිරීමට ජනාධිපති මැදිහත් විය යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.