ප්‍රශ්න ඉවර නෑ : නාමල්, ජොනි, පවිත්‍රාට යළි ඇමතිකම් - නලින් බණ්ඩාර (VIDEO)

රටේ ප්‍රශ්න අවසන් බවට ආණ්ඩුව සිතාගෙන සිටින බවත් කැබිනට්, රාජ්‍ය ඇමතිවරු හැත්තෑ දෙනෙකු පමණ පත්කිරීමෙන් මේ රට සශ්‍රික කිරීමට ආණ්ඩුව

බලාගෙන සිටින බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසයි.

අද (15) පැවති මාධ්‍ය හමුවක දී ඔහු කියා සිටියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හැර සෙසු සියලු ඇමතිවරු නැවත පත්වීම් ලබාගනිමින් සිටින අතර නාමල්, ජොන්ස්ටන්, රෝහිත, පවිත්‍රා ඇතුළු කණ්ඩායමකට ඇමතිකම් ලබාදෙන දෙන ලෙස පොහොට්ටු පක්ෂය ජනපති රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල්ලා ඇති බවයි.

"දැන් අපි දැක්කා අද පත්තරේ තියෙනවා නාමල්, ජොනි, රෝහිත, පවිත්‍රාට මේ සෙට් එකටම ඇමතිකම් දෙන්න කියලා පොහොට්ටුවෙන් යෝජනා කරනවා කියලා. දැන් බලනකොට වෙනස්වෙලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ විතරයි අනික් සෙට් එකම කැරකිලා කැරකිලා තමන් හිටපු පුටුවලට එන්න පාර කපාගෙන කපාගෙන යනවා."