ඉන්දීය ගුවන් අනතුරෙන් කිසිඳු පුද්ගලයෙකු දිවි බේරාගෙන නොමැති බව අහ්මදාබාද් පොලිස් ප්‍රධානියා උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
බොයිං 787 වර්ගයේ ගුවන්යානයක් අද (12) පස්වරු 1:17ට පමණ මගීන් 230ක් සහ කාර්යමණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු රැගෙන ලන්ඩන් බලා පිටත්වයෑමට අහ්මදාබාද් ගුවන්තොටුපොළින් ගමන් ආරම්භ කර සුළු මොහොතකින් අනතුරකට පත්විය.