අහමදාබාද්හිදී අනතුරට ලක් වූ බෝයිං 787 යානයේ මගීන් 242ක් සිටිබව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
සර්දාර් වල්ලභ්බායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී මගීන් 100 කට අධික සංඛ්‍යාවක් රැගත් අහමදාබාද් සිට ලන්ඩන් දක්වා ගමන් කළ ගුවන් යානයක් ගුවන්ගත වීමේදී කඩා වැටුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
එයාර් ඉන්දියා සමාගමට අයත් අහමදාබාද් සිට ලන්ඩන් දක්වා පියාසර කළ ගුවන් යානය ගුවන් ගත වී මිනිත්තු කිහිපයකට පසු මෙලෙස කඩා වැටීමට ලක්ව තිබෙනවා.
එහිදී ගිනි නිවන වාහන පහකට වැඩි ප්‍රමාණයක් එම ස්ථානයට පිටත් කර යවා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
ඉන්දීය ගුවන් යානයක් කඩා වැටේ… 242ක් මරුට…
