රේගු­වට පිටින් වංච­නි­කව වාහන ලියා­ප­දිංචි කරලා:RMV හිටපු කොම­සා­රිස් ජන­රාල් ඇතුළු 3ක් රිමාන්ඩ් -පරි­ග­ණක දත්තත් වෙනස් කරලා

රේගු­වට පිටින් වංච­නි­කව වාහන ලියා­ප­දිංචි කරලා:RMV හිටපු කොම­සා­රිස් ජන­රාල් ඇතුළු 3ක් රිමාන්ඩ්  -පරි­ග­ණක දත්තත් වෙනස් කරලා

ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කා­ශ­නය නොවී මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ අනී­තික ආකා­ර­යෙන් ලියා­ප­දිංචි කර අංක තහඩු වංච­නික ලෙස ලබා දීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් අල්ලස් කොමි­සම මඟින් අත්අ­ඩං­ගු­වට ගත් මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ හිටපු කොම­සා­රිස් ජන­රා­ල්ව­ර­යකු ඇතුළු තිදෙ­නකු ජූලි 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් තනූජා ලක්මාලි ජය­තුංග මහ­ත්මිය ඊයේ (01) නියෝග කළාය.

නාරා­හේ­න්පිට මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ හිටපු කොම­සා­රිස් ජන­රාල් නිශාන්ත අනු­රුද්ධ වීර­සිංහ සහ ඊට අදා­ළව අනී­ති­කව දත්ත ඇතු­ළත් කිරී­මට අව­ස්ථාව සලසා දීම සහ අදාළ දත්ත ඇතු­ළත් කිරීම සම්බ­න්ධව බ්‍රහ්මණ වාසල ප්‍රියන්ත බණ්ඩාර ඊරි­ය­ගම (සහ­කාර අධ්‍යක්ෂ, තොර­තුරු තාක්ෂණ – විශ්‍රා­මික) සහ අත්ත­ර­ගම ගෙදර ධම්මික නිරෝ­ශන් (ලිපි­කරු) යන තිදෙනා මෙලෙස රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරනු ලැබීය.

සිද්ධි­යට අදාළ සැක­ක­රු­වන් ඊයේ අල්ලස් කොමි­ෂන් සභාවේ විම­ර්ශන නිල­ධා­රීන් විසින් අත්අ­ඩං­ගු­වට ⁣ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර තිබිණි.

අන­තු­රුව ඊයේ පස්ව­රුවේ සිද්ධි­යට අදාළ සැක­කරු කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රා­ත්තු­මි­යගේ නිල මැදි­රි­යට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තුරු මෙලෙස නියෝග කෙරිණි.

ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කා­ශ­නය නොවී මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ අනී­තික ආකා­ර­යෙන් ලියා­ප­දිංචි වූ වාහන සම්බ­න්ධව සිදු කෙරෙන විම­ර්ශ­න­ය­කට අදා­ළව සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගත් බව අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට දැන්වීය.

ටොයෝටා වර්ගයේ ජීප් රථ­ය­කට අදාළ අංක තහ­ඩුව නිකුත් කිරී­මට අනු­මැ­තිය ලබා දීම සම්බ­න්ධව මෙම සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ බව කරුණු දක්ව­මින් අල්ලස් කොමි­සම වෙනු­වෙන් පෙනී සිටි සහ­කාර අධ්‍යක්ෂ නීති අනූෂා සම්බ­න්ධ­ප්පෙ­රුම මහ­ත්මිය සඳ­හන් කළාය.

“ස්වාමීනි, ලංකාවේ වාහ­න­යක් ලියා­ප­දිංචි කිරී­මේදී නිසි ක්‍රියා ­පි­ළි­වෙ­තක් තිබෙ­නවා. ස්වාමීනි ටැක්ස් ෆයිල් එකක් ඕපන් වෙනවා වාහ­න­යක් ලියා­ප­දිංචි කිරී­මේදී. ස්වාමීනි මෙම ටොයෝටා වර්ගයේ වාහ­නය ලියා­ප­දිංචි කිරී­මේදී බදු ගොනුව ප්‍රති­ක්ෂේප කර­නවා මුල් ලියා­ප­දිං­චි­යක් සිදු වෙලා නැති නිසා. සිද්ධි­යට අදාළ විම­ර්ශන කට­යුතු 2018 වර්ෂ­යේදී ආරම්භ කර­නවා. එත­කො­ටත් මේ වාහ­නය තියෙන්නේ ජපා­නයේ. ජපා­නයේ තියෙන වාහ­න­ය­කට 2002 වර්ෂ­යේදී මුල් ලියා­ප­දිං­චි­යක් සිදු­වෙන්න බැහැ කියලා දැන් පැහැ­දිලි වෙනවා. මේ වාහ­නය පම­ණක් නෙවෙයි, වාහන 51ක ලියා­ප­දිං­චිය ලබා­දී­මට බදු ගොනුව ප්‍රති­ක්ෂේප කරලා තිබි­ය­දීත් තමා මෙම සැක­ක­රු­වන් මෙලෙස ක්‍රියා කර තිබෙන්නේ.”

“ස්වාමීනි මුල් ලියා­ප­දිං­චි­යක් සිදු වෙලා නැති නිසා මුල් පිට­පත් අස්ථා­න­ගත වෙලා කියලා සඳ­හන් කර­නවා. මොවුන් අනී­තික ලෙස කට­යුතු කරලා තියෙ­නවා. ස්වාමීනි පළමු වැනි සැක­කරු දත්ත පද්ධ­තිය සම්බ­න්ධ­යෙන් වග­කි­යන්න ඕනෑ. සොෆ්ට්වෙයා බේස් යටතේ විශාල කාර්ය­භා­ර­යක් සිදු කර­නවා. මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ සේවය කරන පුද්ග­ල­යන්ට තමන්ට ඇතු­ළුව තම කාර්ය­භා­රය කිරී­මට අවශ්‍ය මුර­ප­ද­යක් දීලා තිබෙ­නවා. පළ­මු­වැනි සැක­ක­රුට ඩේටා බේස් එක යටතේ දී තිබෙන මුර­ප­ද­යට වෙනත් අයට ඇතුළු වෙන්න බැහැ. සැක­කරු වෙනත් අය ළඟත් මුර­පද තිබෙ­නවා යැයි පැව­සීම චෝද­නා­වෙන් බේරී­මට කරන උප­ක්‍ර­ම­යක්.”

“සිද්ධි­යට අදාළ දෙවැනි සැක­කරු 2002 වර්ෂයේ ලියා­ප­දිංචි කරන ලද වාහ­න­යක් 2019 පැව­රුම් මඟින් කවුලු පත්‍ර ලබා ගැනී­මට කට­යුතු කර­නවා. එහිදී මුර­ප­ද­යක් සහ පරි­ශී­ලක අංක­යක් කවුලු පත් තබා ගැනී­මේදී අත්‍ය­ව­ශ්‍යයි. තමන්ගේ අතට ලැබු­ණොත් පම­ණයි දත්ත පද්ධ­ති­යට ඇතු­ළත් වෙන්න පුළු­වන්. මෙලෙස දත්ත පද්ධ­ති­යට ඇතුළු වෙන්න පුළු­වන් එක් අය­කුට පම­ණයි. යම්කිසි පරි­පා­ලන කට­යු­ත්ත­කට පම­ණයි මෙම දත්ත පත්ති­යට ඇතු­ළත් වෙන්න පුළු­වන්.” යනු­වෙන් අල්ලස් කොමි­සම වෙනු­වෙන් පෙනී සිටි අනුෂා මහ­ත්මිය සඳ­හන් කළාය.

“ස්වාමීනි මේ වගේම සිද්ධි­ය­කට අදාළ නඩු­වක් මහා­ධි­ක­ර­ණයේ විභාග වෙනවා. එය කරලා තිබෙන්නේ එක් පුද්ග­ල­යකු නෙවෙයි. මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ හත්දෙ­නකු එකතු වෙලයි එම දූෂණ ක්‍රියා­ව­ලි­යත් සිදු කරලා තිබෙන්නේ. ස්වාමීනි මෙම සිද්ධි­යත් එක් අයගේ ක්‍රියා­වක් නෙවෙයි. ජාල­යක් එකතු වෙලා කරන ලද ක්‍රියා­ව­ලි­යක්.” යැයි ද අනූෂා සම්බ­න්ධ­ප්පෙ­රුම මහ­ත්මිය සඳ­හන් කළාය.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් වැඩි­දු­ර­ටත් කරුණු දැක්වූ අල්ලස් කොමි­සම වෙනු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී සිටි අනූෂා සම්බ­න්ධ­ප්පෙ­රුම මහ­ත්මිය සඳ­හන් කරනු ලැබුවේ මුල් ලියා­ප­දිං­චිය නොමැති වාහ­න­ව­ලට අංක තහඩු දීම ප්‍රති­ක්ෂේප කර තිබි­යදී මෙම සැක­ක­රු­වන් වංච­නික ලෙස ක්‍රියා කර ඇති බවයි.

“ස්වාමීනි බදු ගොනුව ප්‍රති­ක්ෂේප කර තිබි­ය­දීත් වාහන පනස් එක­කට (51) අංක තහඩු නිකුත් කිරී­මට නියෝග ලබා දෙනවා. මෙලෙස ක්‍රියා­කොට තිබෙන්නේ තමන්ගේ බලය පාවිච්චි කරලා රජ­යට විශාල පාඩු­වක් සිදු කිරී­ම­ටත ස්වාමීනි දිවු­රුම් ප්‍රකාශ ඉදි­රි­පත් කර­මින් මෙම වහන 51 සඳහා අංක තහඩු නිප­ද­වී­මට ව්‍යාජ පුද්ග­ල­යාගේ ප්‍රකාශ ලබා­ගෙන තිබෙ­නවා. පළමු වැනි සැක­කරු විසින් තුන් වැනි සැක­ක­රුට අංක තහඩු නිකුත් කිරී­මට නියෝග කර තිබෙ­නවා.”

“ස්වාමීනි මෙම වාහ­නය පම­ණක් නොවේ, මුල් ලියා­ප­දිං­චි­ක­රු­වන් නොමැති වාහන 177ක් ටොයෝටා, මොන්ටෙරෝ වැනි සුඛෝ­ප­භෝගි වහන ආන­ය­නය කර තිබෙ­නවා. මෙම වාහ­න­යෙන් පම­ණක් කෝටි තුනයි ලක්ෂ විසි­දෙ­කක පාඩු­වක් රජ­යට සිදු කර තිබෙ­නවා. ස්වාමීනි මෙම සිද්ධි­යට අදාළ වාහන පහ­ළො­වක් අධි­ක­රණ අනු­මැ­තිය ලබා­ගෙන මේ වන විට රේගු­වට ඉදි­රි­පත් කර තිබෙ­නවා. ස්වාමීනි මෙම සිද්ධිය තවත් සැක­ක­රු­වන් සිටි­නවා. මොවුන් මේ ක්‍රියා­ව­ලිය කරන්නේ ජාල­යක් වශ­යෙන්. ස්වාමීනි එම නිසා යුක්තිය ඉටු කරන්න මොවුන් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන්න කියලා මම ඉල්ල­නවා.” යනු­වෙන් ඇය අධි­ක­ර­ණ­යෙන් ඉල්ලීය.

සැක­කාර පාර්ශ්වය වෙනු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී සිටි නීතිඥ හේමන්ත ගමගේ සහ අනුර චන්ද්‍ර­සිරි යන නීති­ඥ­ව­රුන් අධි­ක­ර­ණ­යට කරුණු දක්ව­මින් සඳ­හන් කර සිටියේ, සුදුසු ඇප­යක් මත සැක­ක­රු­වන්ට ඇප ලබා දෙන ලෙසය.

“මාගේ සේවා­දා­ය­කයා මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­පා­ල­නය වශ­යෙන් කට­යුතු සිදු කළා. මොහු ඩේටා බේස් එකේ කොන්ට්‍රෝ­ලර් පම­ණයි. 2020 මගේ සේවා­දා­ය­කයා විශ්‍රාම යනවා. මෙම සිද්ධි­යට මාගේ සේවා­දා­ය­ක­යාගේ සම්බ­න්ධ­යක් නැහැ. රාජ්‍ය සේවයේ විශ්‍රා­මික තැනැ­ත්තකු වන අතර මොහු කිසිදු අධි­ක­රණ චෝද­නා­ව­කට සම්බන්ධ නෑ. මෝටර් රථ දෙපා­ර්ත­මේ­න්තුවේ නඩු­ව­ලට සාක්ෂි­ක­රු­වකු වෙලා තියෙ­නවා. ස්වාමීනි මෙම සැක­ක­රු­වන් අභි­යා­ච­නා­ධි­ක­රණ නියෝ­ග­යක් අනුව තමයි අත්අ­ඩං­ගු­වට අරන් තියෙන්නේ. එම නිසා සුදුසු ඇප­යක් මත මෙම සැක­ක­රුවා මුදා­හ­රින්න.” යනු­වෙන් නීති­ඥ­වරු අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යහ. ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලූ මහේ­ස්ත්‍රා­ත්ව­රිය සිද්ධි­යට අදාළ සැක­ක­රු­වන් ජූලි 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙසට නියෝග කළාය

Search