2026 දී ලොව සංචාරයට හොඳම නගර ලයිස්තුවට යාපනයත්

 2026 දී ලොව සංචාරයට හොඳම නගර ලයිස්තුවට යාපනයත්

ගෝලීය සංචාරක මාධ්‍ය දැවැන්තයෙකු වන ලෝන්ලි ප්ලැනට් (Lonely Planet) විසින් 2026 වසරේදී ලොව සංචාරය කිරීමට හොඳම නගර ලැයිස්තුවට යාපනය නම් කර ඇත.



මෙම ජාත්‍යන්තර පිළිගැනීම ශ්‍රී ලංකාවට වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, රටේ අනන්‍ය වූ සංස්කෘතික උරුමය සහිත ගමනාන්තයක් ලෙස ලැබෙන ගෝලීය ආකර්ෂණය යළි තහවුරු කරයි.


යාපනය තෝරා ගැනීමෙන් එහි සංස්කෘතික හා ඓතිහාසික පොහොසත්කම ඉස්මතු වන අතර, කලාපීය විවිධත්වය ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහය ද සනිටුහන් කරයි.


ලෝන්ලි ප්ලැනට් හි 'Best in Travel 2026' ඉතාලි භාෂා සංස්කරණය 2025 ඔක්තෝබර් 22 වන දින මිලාන්හි පැවති මාධ්‍ය සාකච්ඡාවකදී නිල වශයෙන් එළිදක්වන ලදී.


ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නියෝජනය කරමින් මිලාන්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය මෙම උත්සවයට සහභාගි වූ අතර, සංග්‍රහය සඳහා උතුරු පළාතට අවේණික සුවිශේෂී කෑම වර්ග කිහිපයක් ද එක් කර තිබුණි.


මෙම සුවිශේෂී පිළිගැනීම, සංචාරක ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාව වෙත ඇති ජාත්‍යන්තර ආකර්ෂණය දියුණු කිරීමටත්, සංචාරකයින්ගේ පැමිණීම් ඉහළ නැංවීමටත්, ප්‍රජා පාදක සංචාරක අත්දැකීම් ප්‍රවර්ධනය කිරීමටත් බලවත් අලෙවිකරණ මෙවලමක් ලෙස ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ

Search