නලින්ද ජයතිස්සගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්... අවස්ථා 14 කදී කන්ටේනර් 1000 කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කරලාලු

 නලින්ද ජයතිස්සගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්... අවස්ථා 14 කදී කන්ටේනර් 1000 කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කරලාලු

දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබෙන කන්ටේනර් 323ක් රේගුව මගින් නිදහස් කළ බව කියන සිද්ධිය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කරන ලද කමිටු වාර්තාවට අනුව මීට පෙර අවස්ථා 14 ක’ දී කන්ටේනර් 1000 ට ආසන්න සංඛ්‍යාවක් එලෙස නිදහස් කර ඇති බව අනාවරණය වී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා පැවසීය.

වරායේ තදබදය පැවති අවස්ථාවලදී රේගු අධ්‍යක්ෂවරයා විසින් පත්කරන ලද කමිටු හරහා මෙම කන්ටේනර් නිදහස් කර තිබෙන බව ඉහත වාර්තාව මගින් හෙළිකර ඇතැයි ඒ මහතා සඳහන් කළේය.

කැබිනට් තීරණය දැනුම් දීම සඳහා අද (02 ) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු මතු කළ පැනයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළ නලින් ද ජයතිස්ස මහතා කියා සිටියේ වාර්තාවට අනුව රජයේ කිසිදු ඇමැතිවරයෙක් කන්ටේනර් 323 නිදහස් කිරීම සඳහා බලපෑම් කර නැති බවයි.

මෙවැනි ක්‍රියාවක් නැවත සිදු නොවීම සඳහා සිද්ධිය සම්බන්ධව හඳුනාගැනීමට සහ වෝහාරික විගණනයක් සිදුකර අවශ්‍ය පියවර ගන්නා ලෙස එම කමිටුව මගින් නිර්දේශ කර ඇති බව ඇමතිවරයා සඳහන්කළේය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මේ සම්බන්ධව තවදුරටත් අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස මහතා මෙසේද කීයද.

” රේගුවේ බහාලු නිදහස් කිරීමේ ක්‍රමවේදය ගැන ඔබ දන්නවා ඇති කියලා මම හිතනවා. සාමාන්‍යයෙන් රතු ලේබලය සහිත කන්ටේනර් වලට නිර්දේශ වී තිබෙන්නේ භෞතික සහ සාමාන්‍ය පරීක්ෂාවට කලක් කිරීම. කහ ලේබලය තිබෙන්නේ ස්කෑන් පරීක්ෂාවට ලක්කිරීම හා සාම්පල පරීක්ෂා කිරීම. කොළ ලේ බලය යටතේ ඇති කන්ටේනර් විශ්වාසය මත ලේඛනන පරීක්ෂා කර ස්කෑන් කිරීමකට හෝ භෞතික පරීක්ෂාවකට ලක් නොකර නිදහස් කිරීමය.

සාමාන්‍යයෙන් අපේ රටේ වර්ෂය අවසානයේ උත්සව අවස්ථාවලදී මෙන්ම සිංහල අලුත් අවුරුදු සමය වැනි අවස්ථාවලදී රේගුවේ බහාලු සම්බන්ධව තදබදයක් තිබෙනවා නම් එවැනි අවස්ථාවලදී රේගු අධ්‍යක්ෂවරයා කමිටුවක් පත්කර ඒ කමිටුවේ නිර්දේශ මත කන්ටේනර් නිදහස් කරනවා.

පසුගිය කාලයේ නිදහස් කළ ආකාරය පිළිබඳව රටේ දැඩි ආන්දෝලනයක් ඇති වුණා. ඒ අවස්ථාවේ ජනාධිපතිවරයා විසින් මුදල් ඇමතිවරයා ලෙස මේ පිළිබඳව සොයා බැලීමට පස් දෙනෙකුගෙන් සවන් විත කමිටුවක් පත් කලා.

ඒ කමිටුව විසින් මේ වන විට යම් යම් නිර්දේශය ප්‍රමාණයක් ලබා දී තිබෙනවා. කන්ටේනර් නිදහස් කිරීම හේතුවෙන් ජාතික ආරක්ෂාවට කොතරම් තර්ජනයක් වෙලා තිබෙනවාද කියා හෝ කොතරම් මූල්‍ය පාඩුවක් වෙලා තිබෙනවාද. සෞඛ්‍යයට මොනතරම් තර්ජනයක් සිදුව තිබෙනවාද කියා මේ කමිටුවට නිර්දේශ කිරීමට නොහැකියි.

මීට පෙර රේගු අධ්‍යක්ෂවරයා විසින් පත්කරන ලද කමිටු මගින් ලබා දෙන ලද නිර්දේශ මත අවස්ථා 14 කදී කන්ටේනර් 1000 ට ආසන්න ප්‍රමාණයක් නිදහස් කර තිබෙන බව සඳහන් වෙනවා

Search