රටකට හීන එකතු වෙන්නේ ඒ රටේ මිනිස්සුන්ට හීන තිබුනොත්.
හැම හීනයක්ම හැබෑ කරගන්න බැරිඋනත් බොහෝ හීන හැබෑ කරගන්න පුළුවන් තරමට ආත්ම ශක්තියක් ජීවිතයට ආදරයක් මිනිස්සු තුල තිබිය යුතුයි.
එතකොට හීන හැබෑ වෙන දේශයක්, හීන පිරුණ දේශයක් ඇතිවෙනවා.පක්ෂ දේශපාලනය ඇතුලෙ මිනිස්සුන්ගේ හීන දියවෙලාම යනවා.පක්ෂ පාට පාට උනාට අපේ රටේ දේශපාලනය හරි අවපාටයි. වෙනස් වෙන්න ඕනේ මිනිස්සුන්ගේ ආකල්ප.
වචන වලින් නොවෙයි ක්‍රියාවෙන්. තම තමන්ගේ ආකල්ප වෙනස් කරගත්තොත් හැමදේම වෙනස්වෙයි. අවපාට වෙලා ම ගිය හීන පාට වෙයි. දවස් වලින් ගත්තොත් අපි ජීවත් වෙන්නේ බොහොම ටික කාලයක් බව වැටහේවි.
හැමදේම වෙනස් කරන බලය තියෙන්නේ මුදල් වලට වගේ පෙනුනට ඒක එහෙම නෑ.හැමදේම වෙනස් කරන්න පුළුවන් ආදරේට මට එහෙම හිතෙනවා. වැරදුන තැන හදාගන්න අවස්ථාවක් වගේම කාලයකුත් තියෙනවා.හීන හැමදාමත් මිනිසුන් ජීවත් කරාවි සතුටෙන්.
ආචාර්යවරිය මේ බව පැවසුවේ පසුගියදා ජාතික විද්වත් කතිකාව සංවිධානය කළ සම්මන්ත්‍රණයක් අමතමින්.
එහිදි ඇය කියා සිටියේ “අපිව භය කරන, අපිට තර්ජනය කරන හතුරෙක් මවන්න ඕන බව එක සාධකයක්. අපිට වඩා වෙනස් ජාතීන් හතුරන් බව ඒත්තු ගන්වලයි ඒතුළින් ඇතිවෙන භයත් එක්ක මිනිසුන්ගේ ක්රෑරත්වය අවධි කරන්නේ.
දෙවෙනි කාරණය ක්රෑරත්වයට මිනිස්සු පුරුදු කරවීම. ඇමෙරිකාවේ ට්‍රම්ප්ගේ නියෝග යටතේ කුඩා දරුවන් දෙමව්පියන්ගෙන් වෙන්කර තැබීම ලිපියෙන් අරන් තිබුණු උදාහරණයක්. කතුවරයා කියන්නේ ඒක පොඩි ට්‍රයල් එකක් කියලයි.
මිනිස්සු මේක භාරගන්නවා ද? ප්රතික්ෂෙප කරනවාද කියලා බලන්න කළා කියලයි ඔහු කියන්නේ. මෙහෙත් වෙන්නේ ඒවාගේ දේවල් තමයි. ට්‍රයි කරලා බලනවා. මරණ දඩුවම ක්‍රියාත්මක කරනවා කියපු එකට මිනිසුන්ගෙන් මොනවගේ ප්රතිචාරයක්ද එන්නේ කියල බලනවා ක්රෑරත්වය පුරුදු කිරීම මේ වගේ න්රමවලිනුත් අත්හදා බලනවා.
ෆැසිස්ට්වාදය ගෙනයන්න ලොකු පිරිසක් අවශ්‍ය නොවන බව. සියයට තිහක් හතළියක් හිටියහම ඇති, මේ ආටිකල් එක ලංකාව ගැන නොවුනාට කියවන කොට මට ලංකාවමයි මතක් වුණේ. මේ සියයට තිහ-හතළිහ ඉතාමත්ම ඝෝෂාකාරී, හයියෙන්ම කෑ ගහන පිරිසක් කියලා ඔහු කියනවා.
ඒ තුළින් ෆැසිස්ට්වාදී පණිවුඩය ප්රබලව ගෙනියන්න පුළුවන් කියලා විස්තර කරනවා. කලකිරුණු, ක්රෑරත්වය භාරගන්න කැමති සමාජයක් ඉබේම ඇති වෙන්නේ නැහැ.
ඒක ක්‍රමානුකූලව බිහිවෙන්නේ. ට්‍රම්ප් ආවා කියලා ක්රෑරත්වය එකපාරම එන්නේ නැහැ. මේක කාලයක් තිස්සේ ක්‍රමානුකූලව සකස් වෙමින් යන දෙයක්. ඒකෙ ප්‍රතිඵලය තමයි, ට්‍රම්ප් වගේ අයගේ පැමිණීම. අපේ රටේ ඉදිරියට ඒමට උත්සාහ කරන අයත් ඒ ප්‍රතිඵලයක්. මේවගේ සමාජ තත්වයක් පිළිගන්න තැනකට සමාජයක් පත්වෙන්නේ කොහොමද? කියන එක ගැන කල්පනා කිරීම ඉතාමත්ම අත්‍යවශ්‍යයි.
.