දුමින්ද සිල්වා නිදහස් !

මරණ දඬුවම ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා අද (24) ජනාධිපති සමාව යටතේ නිදහස් කර තිබේ.

ඒ අදට යෙදුණු පොසොන් පොහොය නිමිත්තෙනි.

එහිදී සිරකරුවන් 93 දෙනෙකු සඳහා ජනාධිපති සමාව හිමිව ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙසේ නිදහස ලැබුණු සිරකරුවන් අතර මෙතෙක් රඳවාගෙන සිටි LTTE සැකකරුවන් 16 දෙනෙකු ද වේ.

ඊට අමතරව සුළු වැරදි සම්බන්ධයෙන් තවත් 77 දෙනෙකුට ද නිදහස හිමිව තිබේ.

ජනාධිපති කමිටු නිර්දේශයක් :

 

Duminda Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිදුවීම සම්බන්ධව, මරණ දඬුවම නියමවී සිටි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අරුමාදුර ලෝරන්ස් රෙමෙලෝ දුමින්ද සිල්වාට, යම් සහනයක් ලබාදීම යෝග්‍ය බවට නිර්දේශ කර සිටියේ , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත්කළ, දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසිනි.

එම කොමිසමට අනූව දුමින්ද සිල්වාට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනුකරන ලද නඩුවේ අධිචෝදනා පත්‍රයෙහි දැක්වෙන සියලුම චෝදනා වලින් ඔහුව නිදොස් කොට නිදහස් කළ යුතුව තිබිණ.

ඒ අනුව කොමිසමේ නිර්දේශය වුනේ, දේශපාලන පළිගැනීමේ ක්‍රියාවලියක ගොදුරක් වූ දුමින්ද සිල්වා රක්ෂිත බන්ධනාගාරයේ තබා ගැනීම කරන කොටගෙන ඔහුට සිදුවූ හානිය සඳහා පැමිණිලිකරුට යම් සහනයක් ලබාදීම යෝග්‍යා බවයි.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිවයෙන් යුතු මෙම ත්‍රී පුද්ගල ජනාධිපති කොමිසම ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබුවේ 2020 ජනවාරි මස 09 වනදා.

කොමිසමේ මෙම තීන්දුවට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර සිටියේ දුමින්ද සිල්වාගේ පියා වන අරුමාදුර වින්සන්ට් ප්‍රේමලාල් සිල්වා විසිනි.

 

Report 1Report 2Report 3Report 4Report 5

එසේම දුමින්ද නිදහස් කරන්නැයි පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසකගේ අත්සනින් යුතු ලිපියක් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඉදිරිපත් කෙරුණු අතර ඊට සමගි ජනබලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ද ඇතුලුව මන්ත්‍රීවරුන් 115 දෙනෙකු අත්සන් තබා තිබිණ.

එසේම, ආණ්ඩුවට පක්ෂපාති බොහෝ සංවිධාන මෙන්ම ඇතැම් භික්ෂුන් වහන්සේලාද මාධ්‍ය සාකච්ජා පවත්වමින්, උද්ඝෝෂණ සිදුකරමින් පසුගිය කාලයේ ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියේ, දුමින්ද සිල්වා නිදහස් කරන ලෙසයි.

මේ අතර ආණ්ඩුවේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ දුමින්ද සිල්වා නිදහස් කිරීමේ තීන්දුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ විගස ගැනීමට සූදානම් වූ තීන්දුවක් බවයි.

නමුත් එහිදී එවකට ජනාධිපති ගේ නීති උපදේශකයකු වූ වත්මන් අධිකරණ අමාත්‍ය අලිසබ්‍රිගේ උපදෙස් මත අදාළ තීන්දුව ගැනීම කල්දමා තිබිණ.

එහිදී අලිසබ්‍රි පෙන්වා දී ඇත්තේ මෙම තීන්දුව ජනාධිපති ගනුලැබූවහොත් අධිකරණ පද්ධතියම කැලෙඹෙනු ඇති බවයි.

ඒ හේතුවෙන් පමාවූ තීන්දුව 2021 ජුනි 24 පොසොන් පෝය අවස්ථාවේ ගෙන ඇත.

අගමැති ගෙන් දැඩි බලපෑමක් :

කෙසේ වුවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම තීන්දුව ගෙන තිබෙන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ බලපෑමට බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. .

පසුගියදා අමාත්‍ය නාමල් රාජපක්ෂ ද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් පවසා සිටියේ දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතු බවයි.

උපුටා ගැන්ම : The Leader 

 

 

Search