නිව්යෝර්ක් පළමු මුස්ලිම් නගරාධිපති පත් වෙයි...සියයට 50.8 ක ඡන්ද ප්‍රතිශතයක්:

නිව්යෝර්ක් පළමු මුස්ලිම් නගරාධිපති පත් වෙයි...සියයට 50.8 ක ඡන්ද ප්‍රතිශතයක්:

ඇමරිකාවේ විශාලතම නගරය වන නිව්යෝර්ක් හි ළාබාලතම නගරාධිපතිවරයා වශයෙන් සොහ්රාන් මම්දානි ඓතිහාසික ජයග්‍රහණයක් ලබා තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදියකු වන මම්දානි ඡන්ද 948,202 ක් ලබා ඇති අතර 50.6%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබේ. ඔහු ඉතිහාසයේ පළමු මුස්ලිම් නගරාධිපතිවරයා මෙන්ම දකුණු ආසියානු සම්භවයක් ඇති පළමු පුද්ගලයා ද වේ. නගරාධිපති තරගය ආරම්භයේ සිටම ජනාධිපති ට්‍රම්ප් හිටපු නිව්යෝර්ක් ප්‍රාන්ත ආණ්ඩුකාර ඇන්ඩෲ කියෝමෝ හට සිය සහයෝගය පළ කළ අතර ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, ඩිමොක්‍රටික් සොහ්රාන් මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බවයි.

සොහ්රාන් මම්දානි ප්‍රකට ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂිකා මීරා නායර් ගේ පුත්‍රයායි

Search