මරණ දණ්ඩනය නියමව සිටි දුමින්ද සිල්වා ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට තෝරා ගනු ලැබූ පදනම
හෙලිදරව් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
දුමින්ද සිල්වා සම්බන්ධයෙන් ලබාදුන් තීන්දුව, එවකට අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ඇතුළු ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ඒකමතිකව අනුමත කළ බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාව යටතේ සමාව ලබාදීම සඳහා දුමින්ද සිල්වා තෝරා ගනු ලැබූයේ කවර පදනමකින්ද යන්න රටේ මහජනතාව දැනගත යුතු බවත් නීතිඥ සංගමය අවධාරණය කරනවා.
ජනාධිපති සමාව ලබාදීමේදී අනුගමනය කළයුතු ක්‍රියා පටිපාටියට අනුව නඩුව විභාග කළ විනිසුරුවරුන්ගේ වාර්තා, නීතිපතිවරයාගේ මතය හා නිර්දේශ සැළකිල්ලට ගෙන තිබේද යන්න හෙලිදරව් කළයුතු බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම්වරයා සිය ලිපියෙන් පවසා සිටින්නේ.