බැසිල් සූම් තාක්ෂණයෙන් සම්මත කරගත් කැබිනට් පත්‍රිකාවෙන් රටේ විකුණන ලිස්ට් එක අනුර කියයි (VIDEO)

කෙරවලපිටිය යුගදනවි එල්එන්ජී බලගාරයේ කොටස් අයිතිය ඇමරිකානු සමාගමකට පවරාදීම සඳහා ගනු ලැබූ තීන්දුව වහාම අකුලා ගත

යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අවධාරණය කරනවා.

ඉකුත් සඳුදා බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් නොමැතිව, කැබිනට් පත්‍රිකාවක අඩංගුව වාචිකව කැබිනට් මණ්ඩලයට සූම් තාක්ෂනය ඔස්සේ ඉදිරිපත් කර තිබෙන බවත් ඒ අනුව මෙම තීන්දුව ගෙන ඇති බවත් ඔහු පැවසීය.

රටට පමණක් නොව කැබිනට් මණ්ඩලයට ද කරුණු වසන් කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.