මේ ලැජ්ජාව පේන්නේ නැද්ද? ඔබ ඉන්නේ හෙළුවෙන් - මහාචාර්යවරියගෙන් ආණ්ඩුවට දරුණු විවේචනයක් (VIDEO)

ආර්ථිකය ගැන දැනුමක් නැති ඇමතිවරු අද අපේ රට වළ පල්ලට යවමින්, ඓතිහාසික වටිනාකමකින් යුත් රටට අයිති මහා වස්තුවක්

වන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පවා විකිනීමට උත්සහ කරමින් සිටින බව මහාචාර්ය චන්දිමා විජේගුණවර්ධන පවසනවා.

තමන් නොකළ වැඩ කොටසට හරියන්න රටේ තිබෙන ආයතන, ඉඩ කඩම්, භුමිය විකුනන්න උත්සහ කරන බවයි ඇය වැඩි දුරටත් කියා සිටියේ.

"ඇයි මේ ලැජ්ජාව ඔබට පේන්නේ නැද්ද? ඔබ ඉන්නේ හෙළුවෙන්. ඔබ විකුනන්නේ මේ රටේ ඉතිහාසය. අපේ දරුවන්ගේ අනාගතය. ඔබට කරන්න බැරිනම් බැහැල යන්න ඔය වේදිකාවෙන්. වැඩ බැරි මිනිස්සු එතනින් මෙහාට මෙතනින් මෙහාට දමමින්. බොරුව රජ කරමින් මේ රට විනාසයට යවමින් රටේ අනාගතය නැති කරමින් ආර්ථිකය බ්න්දුවටම දමමින් මේ ගෙන යන සැලැස්ම මොන සැලැස්මක්ද කියලා මං ඔබගෙන් අහන්න කැමතියි."