ගෝඨාගෝගම ඉතිරි පිරිස් සහ කුඩාරම් පොලිසියෙන් ඉවත්කරයි (VIDEO)

ගාලුමුවදොර ප්‍රදේශයේ රැදී සිටින සීමිත අරගලකරුවන් පිරිසට ද එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට පොලිසිය මීට සුළු මොහොතකට පෙර දැනුම් දුන්නේය.

 

විනාඩි 15ක් ඇතුළත ඔවුන් රැදීසිටින කූඩාරම් ඉවත් කරගෙන එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට දැනුම් දුන්නේය.

පොලිසියේ දැනුම් දීම අනුව එම පිරිස කූඩාරම් ඉවත් කරගනිමින් සිටියහ.

ගාලුමුවදොර අරගල භූමිය පිහිටි ප්‍රදේශයට පොලිසිය හා විශේෂ කාර්ය බලකාය කැදවා ආරක්ෂාව තරකර ඇත.

(lankadeepa.lk)