ජනාධිපති ගේ ආර්ථික දැක්මට එකඟයි - හර්ෂ (VIDEO)

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ආර්ථික දැක්ම සමඟ තමා එකඟ බව සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

පැවසීය.

විපක්ෂයේ හිටියත් එය පැවසීමට තමාට ශක්තියක් තිබෙන බව ඔහු කියා සිටියේ අද (12) පාර්ලිමේන්තුව අමතමනි.

ශක්තිමත් ජනතා ප්‍රසාදයක් ඇති බවට ආණ්ඩුව පිටට පෙන්වා සිටියත් එය එසේ නොවන බවත් සැබෑ ජනතා ප්‍රසාදයක් නැති ආණ්ඩුව රුපියල වගේම කඩා වැටෙන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේ ය.

එසේම, මෙි රාජපක්ෂ හොල්මන් කරන ආණ්ඩුවක් කිව්වොත් වැරදි නැති බවත් ඔහු පැවසී ය.