සර්ව පාක්ෂික ආණ්ඩුව සිහිනයක් පමණයි - අනුර (VIDEO)

ආණ්ඩුවේ අරමුණ දෙස බැලීමේදී සර්වපාක්ෂික ආණ්ඩුව සිහිනයක් පමණක් බවත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් සාධනීය යෝජනා ඉදිරිපත් කරන්නේ

නම් ඊට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවත් ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

අද (12) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ වත්මන් පාලකයින් උත්සාහ ගන්නේ සෙසු දේශපාලන පක්ෂ සර්ව පාක්ෂික ආණ්ඩුවක කොටස්කාරයන් කර ගැනීමට පමණක් බවයි.

හදිසි නීතිය යටතේ මර්දන නීති ගෙන ඒමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවත් ජනාධිපතිවරයා මර්දන නීති ගෙන එන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරමින් බවත් ජාතික ජන බලවේගයේ නායකයා චෝදනා කළේය.

අද පාලන බලය හොබවන්නේ රටේ ජන මතයක් නැති පිරිසක් බව පැවසූ ඔහු රටට අලුත් ජනමතයක් අවශ්‍ය වන බවද වැඩිදුරටත් සඳහන් කළේය.