රටේ කොන්ද කැඩුවේ රාජපක්ෂලා - සජිත් (VIDEO)

රට තුළ පවත්නා අස්ථාවරත්වයත්, බංකොලොත් බවත් හේතු කොටගෙන අද වනවිට බලවත් රටවල කෙළි බිමක් බවට ලංකාව පත් ව ඇතැයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

ඊයේ (13) හෝමාගම ආසනයේ පක්ෂ ක්‍රියාකාරීන්ගේ රැස්වීමක් අමතමින් විපක්ෂ නායකයා චෝදනා කළේ රාජපක්ෂලා විසින් මේ රටේ කොඳු නාරටිය කඩා දැමූ බවයි.

2019 ජනාධිපතිවරණයේදී "සමගි මාවත" වෙනුවට "වැරදි මාවත" තෝරා ගැනීමේ ඛේදවාචකයට අද රට මුහුණ දී ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා, මේ රට ගොඩනැගීමේ හැකියාව ඇත්තේ සමගි ජන බලවේගයට බවද අවධාරණය කළේය.