රටට සිදුවූ විනාශයේ හවුල්කරුවන් ගැන කිරිඇල්ල කියයි (VIDEO)

මහමැතිවරණයෙන් පසු ස්ථාවර නියෝග අත්හිටුවා මුදල් කමිටුවේ සභාපති ධුරය ආණ්ඩුවට ලබාදීමට කටයුතු කළ කතානායකවරයා සහ සභානායකවරයා

රටට සිදුවූ විනාශයේ හවුල්කරුවන් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.

කොළඹ දී අද (15) පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ය.

2020 වසරේ මහ මැතිවරණයෙන් පසු ස්ථාවර නියෝග අනුව මුදල් කමිටුවේ සභාපති ධුරය විපක්ෂ සඳහා ලබා දිය යුතු වුවත් ස්ථාවර නියෝග කඩ කරමින් එම කමිටුවේ සභාපති ධුරය ආණ්ඩුව ට ලබා දීමෙන් රට මෙතරම් ව්‍යසනයකට පත්වීමට හේතු වූ බවත් එවක මුදල් කමිටුවේ සභාපති ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාට ලබා දුන්නේ නම් රට පත්ව ඇති ආර්ථික අර්බුදය පිළිබඳ සැබෑ තතු ජනතාවට මීට වසර දෙකකට පෙර දැන ගැනීමට ඉඩ තිබූ බවත් ඔහු කියා සිටියේ ය.