දරුවන්ට අධ්‍යාපනය වෙනුවට රැකියා දෙන බවට ආණ්ඩුවට චෝදනා (VIDEO)

වසර තුනක පමණ කාලයක් දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබාදීමට නොහැකි වූ ආණ්ඩුව ඊට වැඩ පිළිවෙලක් සකස් කරනවා වෙනුවට ළමුන් ශ්‍රමිකයින් බවට

පත් කිරීමට සැලසුම් හදමින් සිටින බවට ලංකා ගුරු සංගමය චෝදනා කර සිටියි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් කියා සිටියේ ළමයින්ට අධ්‍යාපනයක් දෙන්න බැරි ආණ්ඩුව ළමයින් අධ්‍යාපනයෙන් පිටමං කරමින් සිටින බව යි.

''ළමයෙක්ට මාසයකට පැය 20ක් වැඩ කරන්න සැලැස්මක් හදනවා මොකක්ද මේ විහිලුව මොකක් ද මේ ලැජ්ජා නැති වැඩේ? මනුෂ නානායක්කාර ඇමතිවරයා ප්‍රකාශ කරනවා අපි ළමයින් ශ්‍රමිකයින් බවට පත් කරනවා කියලා. ලෝකෙම මේ ළමා ශ්‍රමික කියන සංකල්පයට විරුද්ධයි. මේ ඇමතිවරයා කතා කරනවා ළමයි රැකියාවලට යවන්න. සුපර් මාකට්වලට, ක්ලීනින් සර්විස්වලට යවන්න යන්නේ. ඒගොල්ලොන්ගේ ළමයි යවනවා ද ? මොකක්ද මේ විහිලුව ළමයින්ට අධ්‍යාපනයක් දෙන්න බැරි ආණ්ඩුව ළමයින්ව අධ්‍යාපනයෙන් පිටමන් කිරීමක් කරන්නේ. අපි දැඩිව විරුද්ධයි මේ කාරණයට.''