මර්දනය හමුවේ පලා යන්නෑ - ශෙහාන් මාලක යළි CIDයට! (VIDEO)

මර්දනය කවර මුහුණුවරකින් පැමිණිය ද ඉන් පලා නොයන බවත්, කවුරුන් ජනාධිපති ධුරය දැරුව ද සෑම දෙනාටම ජිවත් විය හැකි පරිසරයක්, දේශපාලන

සංස්කෘතියක් මෙරට තුල ඇති කරන තැනට මේ අරගලය ගෙන යන බවත් සමාජ ක්‍රියාකාරිකයකු වන ශෙහාන් මාලක ගමගේ පවසයි.

ජූලි 13 වැනිදා අග්‍රාමාත්‍ය කාර්යාලයට දේපල හානි සහ අලාභ හානි කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (16) පෙරවරු 10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහු කැඳවා තිබූ අතර එහිදී මාධ්‍ය වෙත ඔහු මෙසේ අදහස් පළ කළේ ය.