දිළිඳුකම පිටුදැකීම අරමුණු කරගත් 'ප්‍රජා ශක්ති' වැඩසටහන ඇරඹේ

දිළිඳුකම පිටුදැකීම අරමුණු කරගත් 'ප්‍රජා ශක්ති' වැඩසටහන ඇරඹේ

ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීමේ 'ප්‍රජා ශක්ති' ජාතික වැඩසටහනේ සමාරම්භය අද (04) සිදුවිය.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, අරලියගහ මන්දිරයේදී යි.

ප්‍රධාන අරමුණු 03ක් ඔස්සේ සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ සාධාරණව බෙදී යාම සහතික කිරීමේ අරමුණින් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.

'ප්‍රජා ශක්ති' ජාතික වැඩසටහන යටතේ මෙරට ග්‍රාම නිලධාරී වසම් 14,000 ක ප්‍රජා සංවර්ධන සභා පිහිටුවීමට ද නියමිතය.

Search