තෙල් මිල 5%කින් පහලට

තෙල් මිල 5%කින් පහලට

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ගණන් 5%කින් පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින යුද ගැටුම් නැවැත්වීම හේතුවෙන් බොරතෙල් මිල පහත වැටී තිබේ.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල 5.21%කින් පහළ ගොස් ඇති අතර එහි මිල ඇමෙරිකානු ඩොලර් 84.66ක් ලෙස සටහන්ව ඇත.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 4.92%කින් අඩුවී ඇති අතර එහි මිල ඇමෙරිකානු ඩොලර් 92.02කි.

එසේම මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 97.05ක් ලෙස පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය තවදුරටත් සඳහන් කරයි.

Search