සමස්ථ ණය ට‍්‍රිලියන 30 පනී... වෙළඳ හිඟය ඩොලර් බිලියන 4.6 පනී..

සමස්ථ ණය ට‍්‍රිලියන 30 පනී... වෙළඳ හිඟය ඩොලර් බිලියන 4.6 පනී..

මෙරට වෙළඳ හිඟය (Trade Deficit) පුළුල් වීම, ආනයන වියදම ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ උද්ධමනය යළිත් හිස එසවීම හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකය ඉදිරියේදී අර්බුදයකට ලක්වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
මහ බැංකුව නිකුත් කළ ‘සතිපතා ආර්ථික දර්ශක’ වාර්තාවට අනුව, ආර්ථිකයේ ප්‍රධාන අංශ කිහිපයකම අහිතකර වර්ධනයක් පෙන්නුම් කරයි.Business & Personal Listings

2026 වසරේ මුල් මාස පහ තුළ මෙරට වෙළඳ හිඟය ඇමරිකානු ඩොලර් මිලියන 4,661ක් දක්වා විශාල ලෙස පුළුල් වී තිබේ. 2025 වසරේ අදාළ කාලසීමාව තුළ මෙම හිඟය පැවතියේ ඩොලර් මිලියන 2,730ක් ලෙසය.

අපනයන ආදායම සියයට 7.6කින් පමණක් වර්ධනය වෙද්දී, ආනයන වියදම සියයට 29.0ක් වැනි ඉහළ ප්‍රතිශතයකින් (ඩොලර් මිලියන 10,420 දක්වා) ඉහළ යාම මෙම අවදානම් සහගත තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇත.

2026 මාර්තු අවසානය වන විට රජයේ සමස්ත මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 30,193.18ක් (රුපියල් ට්‍රිලියන 30 ඉක්මවා) දක්වා ඉහළ ගොස් තිබේ. මෙයින් රුපියල් බිලියන 18,762ක් දේශීය ණය වන අතර, රුපියල් බිලියන 11,431ක් විදේශීය ණය වශයෙන් සටහන් වේ.

2026 වසරේ මේ දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 7.7කින් අවප්‍රමාණය වී තිබේ. මැයි මස අවසානය වන විට මෙරට නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,881ක් ලෙස සටහන් වුවද, ඉහළ යන ආනයන වියදම් හමුවේ එම සංචිත කළමනාකරණය කර ගැනීම අභියෝගයක් වනු ඇත

Search