පෘථිවියේ සිට කිලෝමීටර් 96,000 ක් දුර ඈත අභ්‍යාවකාශය දක්වා දිවෙන සෝපානයක් නිර්මාණය කිරීමේ වැඩ කටයුතු මෙම 2025 වසර අගභාගයේදී ආරම්භ කිරීමට නියමිතයි.
මිනිස් ඉතිහාසයේ වැඩිම ධනස්කන්ධයක් වැයවන ව්‍යාපෘතිය වාගේම අතිශය සංකීර්ණම ව්‍යාපෘතිය වන මෙය ජපානයේ මූලිකත්වයෙන් සිදුකරන අතර මේ දැවැන්ත මෙන්ම විශ්මිත ව්‍යාපෘතියේ ඉදිකිරීම් එරට "ඔබයාෂි කෝපරේෂන්" සමාගම විසින් භාරගෙන තිබේ.
මේ අභ්‍යාවකාශ සෝපානයේ මූලික අදියරේ ඉදිකිරීම් සඳහා ඩොලර් බිලියන 100 ක් පමණ වෙන්කොට ඇති බවත් සඳහන්.
අදියර 05 කින් යුතු මේ සෝපානයේ ඉදිකිරීම් කටයුතු 2050 වසරේදී අවසන් කිරීමට බලාපොරොත්තු වන අතර පෘථිවියේ සිට ඈත අභ්‍යාවකාශය දක්වා දිවෙන අතිශයින් ශක්තිමත් "නැනා් කාබන්" නළයක් තුළින් මේ සෝපානය ගමන් කරනු අැත.
සෝපානය මුහුණ දෙන අභියෝග..👇
කෙසේ හෝ සෝපානය තැනුවද එයට විවිධ අභියෝග රැසකට මුහුණ දීමට සිදුවනු ඇත.
ඒවා නම් කාලගුණික බලපෑම්, උල්කාපාත සහ ග්‍රාහක වල බලපෑම්, සූර්යයා ගෙන් පැමිණෙන විකිරණ වල බලපෑම සහ ත්‍රස්තවාදීන්ගේ තර්ජන වැනි දේවල්ය.
අභ්‍යාවකාශ සෝපානයට ත්‍රස්තවාදීන්ගෙන් තර්ජන එල්ලවිය හැකි නිසා එහි පාදම
සාගරය මත ඉදිකිරීමට අදහස්කර තිබේ.