විශ්ව රූ රැජින ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින්, 2025 වසර සඳහා වූ 48 වන විශ්ව විවාහක රූ රැජින (Mrs. Universe) කිරුළ දිනා ගැනීමට ඉන්දියාව නියෝජනය කළ ෂෙරී සිං සමත් වී තිබේ. ඉන්දියාව මෙම ජාත්‍යන්තර තරගාවලියෙන් ලැබූ ප්‍රථම ජයග්‍රහණය වීම විශේෂත්වයකි. ලොව පුරා රටවල් 120 ක තරගකාරියන්ගේ සහභාගීත්වයෙන් මෙම අති උත්කර්ෂවත් උළෙල පිලිපීනයේ මැනිලා නුවරදී පැවැත්විය
ජයග්‍රාහිකාව ඉන්දියාවේ ෂෙරී සිං ටත් පළමු අනු ශූරතාවය ශාන්ත පීටර්ස්බර්ග් නියෝජිතවරියටත්, දෙවන අනු ශූරතාවය පිලිපීනයටත්, තෙවන අනු ශූරතාවය ආසියානු කලාපයටත්, සිව්වන අනු ශූරතාවය රුසියාවටත් හිමි විය. මීට අමතරව, මාගරිටා දූපත, ඇමරිකා එක්සත් ජනපදය, නිරිතදිග ආසියාව, බල්ගේරියාව, මියන්මාරය, පැසිෆික් කලාපය, අප්‍රිකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජපානය සහ යුක්රේනය වැනි රටවල් සහ කලාප නියෝජනය කළ තරගකාරියන් ද අවසන් වටයට සුදුසුකම් ලබා තිබුණි.
2007 වසරේදී ආරම්භ කරන ලද විශ්ව විවාහක රූ රැජින තරග වේදිකාව, බාහිර සුන්දරත්වය පමණක් නොව බුද්ධිය, නායකත්වය සහ මානුෂීය දැක්ම සහිත විවාහක කාන්තාවන් ඇගයීමට ලක් කිරීම අරමුණු කර ගනියි. සෑම වසරකම, තරගකාරියන් සිය ජනප්‍රියත්වය සමාජ ගැටලු සහ ප්‍රජා සංවර්ධන කටයුතු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා යොදා ගනී.