රනිල්ගේ 'වුල්වර්හැම්ප්ටන්' නඩුව: නීතිය අවභාවිත කරමින් දියත් වන 'දේශපාලන දඩයමක්' ?

රනිල්ගේ 'වුල්වර්හැම්ප්ටන්' නඩුව: නීතිය අවභාවිත කරමින් දියත් වන 'දේශපාලන දඩයමක්' ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඉලක්ක කරගනිමින් ගොනු කර ඇති රුපියල් මිලියන 16.2ක 'වුල්වර්හැම්ප්ටන්' නඩුව, මේ වන විට රජයට මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද (CID) බරපතල දේශපාලනික සහ නෛතික අර්බුදයක් නිර්මාණය කර තිබේ.

CIDය විසින් අධිකරණයට කරුණු වාර්තා කරමින් ගොඩනැගූ ප්‍රධානතම තර්කය වූයේ, මෙය කිසිදු රාජ්‍ය තාන්ත්‍රික ආරාධනාවකින් තොරව සිදුවූ හුදු "පෞද්ගලික" සංචාරයක් බවයි. එහෙත්, එම තර්කය මුළුමනින්ම සුනුවිසුනු කරමින්, වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ ලේකම් ක්‍රිස්ටීන් ෆ්‍රේසර් විසින් ජනාධිපතිවරයාට, භාර්යාවට සහ එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියට එවන ලද "නිල ආරාධනාපත්‍ර" (Official Invitations) පිළිබඳ තොරතුරු මේ වන විට මාධ්‍ය හරහා තහවුරු වී හමාරය.

 

000001 2

ලබන අප්‍රේල් 29 වනදා මෙම නඩුව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් (Trial-at-Bar) හමුවට ගෙන ඒමට නීතිපති දෙපාර්තමේන්තුව සූදානම් වන පසුබිමක, නීතිය අවභාවිත කරමින් දියත් වන 'දේශපාලන දඩයමක' ස්වභාවය දැන් සමාජය ඉදිරියේ නිරුවත් වෙමින් පවතී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතිශය රහසිගත 'බී' වාර්තාවේ (B-Report) ඇතුළත් චෝදනා සහ ඊට එරෙහිව අලුතින් මතුවූ වෛෂයික සාක්ෂි පදනම් කරගෙන, නඩුවේ සැබෑ නෛතික යථාර්ථය පැහැදිලි කෙරෙන සංසන්දනාත්මක සහ අධිකරණමය විශ්ලේෂණයක් පහතින් දැක්වේ.

 

විශේෂ නෛතික විශ්ලේෂණ සටහන: වුල්වර්හැම්ප්ටන් නඩුවේ චෝදනා සහ අධිකරණමය යථාර්ථය

wu1wu 2wu3wu4බිඳ වැටෙන නඩුව සහ දේශපාලන බූමරංගය

මෙම වෛෂයික විශ්ලේෂණයට අනුව පැහැදිලි වන්නේ, නීතිපතිවරයා විසින් අප්‍රේල් 29 වන දින මහාධිකරණය හමුවට ගෙන ඒමට උත්සාහ කරන 'වුල්වර්හැම්ප්ටන්' නඩුව නෛතික වශයෙන් දැවැන්ත අර්බුදයකට මුහුණ දී ඇති බවයි. විශේෂයෙන්ම ආරාධනාව නිල එකක් බවට වන තහවුරු වීමත් සමඟ, අපරාධ නීතියේ මූලිකම අවශ්‍යතාවය වන 'අපරාධ චේතනාව' (Mens Rea) ඔප්පු කිරීමට පැමිණිල්ලට කිසිදු හැකියාවක් නොමැත.

හිටපු ජනාධිපතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා "මෙතන නඩුවක් නැතැයි" කළ ප්‍රකාශය දැන් නීතිය ඉදිරියේ සනාථ වෙමින් පවතී. නීතිය සැමට සමාන විය යුතු වුවත්, ආරාධනා ලැබූ සහ මුදල් ගනුදෙනු හැසිරවූ සරෝජා සිරිසේනට මුක්තිය ලබා දී දේශපාලන විරුද්ධවාදීන් පමණක් දඩයම් කිරීම, ආණ්ඩුවේ 'දූෂණ විරෝධී' න්‍යාය පත්‍රය නිරුවත් කිරීමකි.

අවසාන වශයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අටවන ලද මෙම උගුල, නුදුරේදීම වත්මන් පාලකයන් දෙසටම හැරෙන මාරාන්තික දේශපාලන බූමරංගයක් බවට පත්වීම වැළැක්විය නොහැකි වනු ඇත.

 (මූලාශ්‍රය - බී වාර්තාව ඇසුරෙනි )

සබැඳි ලිපි :

රනිල්ගේ වුල්ෆ් හැම්ටන් නඩුවේ නවතම හැරවුම: සමන්ගේ අත්අකුරු හොයද්දී සරෝජාගේ ලියකියවිලි වසන් කරන්නේ ඇයි?

රනිල්ගේ ලන්ඩන් ගමන ගැන මල්පාරෙන් ගේන මාර උදාහරණ

සුවිශේෂී හෙළිදරව්වක් : රනිල් හිරකරන්න හැදූ 'වුල්ෆ් හැම්ටන්' B වාර්තාව, සරෝජාගේ අමතකවීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන 'තෝරාගත් නීතියේ' දඩයම

රනිල්ගේ 'වුල්ෆ් හැම්ටන්' නඩුවට අදාල B වාර්තාවේ CIDයේ 'පටලැවිල්ල' | විශේෂී හෙළිදරව්වක්

Search