අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : හරින්ට, උගන්ඩා කුමාරිය ගේ සැමියා ගෙන් දුරකතන ඇමතුමක් !

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : හරින්ට, උගන්ඩා කුමාරිය ගේ සැමියා ගෙන් දුරකතන ඇමතුමක් !

බුදුන් ලංකාදීපයට අවුත් යක්ෂ සේනාව සක්වළ ගලින් එතෙරට එළවා දැමූ බව වංශ කතාවල සඳහන් ය.

නැවතත් යක්ෂ සේනා විසින් අත්පත් කරගෙන සුන්නද්දූලි කර තිබූ රට පියවරෙන් පියවර ගොඩ ගනු ලැබූයේ රනිල් ජනපති විසිනි. රනිල් බලයට පත් වී කෙටි කලක් ඇතුළත ගෑස් පෝලිම්,තෙල් පෝලිම් අන්තරස්දාන වී ගියේය. බින්දුවට වැටී තිබූ සංචිත යළි පණ ගසා ඇවිත් රට සාමාන්‍ය ගමනට එළැඹිණි.

 

''ගෑස් නැත'' බෝර්ඩ් ලෑලි යළි එල්ලෙයි.

unnamed

 

අනතුරුව පැමිණි ඡන්දවල දී රටේ ජනතාවගේ කතිරයෙන් අලුත්ම ආණ්ඩුවක් බලයට ඇවිත් අවුරුද්දක් ගත වුණා පමණි. "ගෑස් නැත" යන බොඩ් ලෑලි කඩවල් ගානේ සුලබව එල්ලෙමින්  තිබේ. තැන තැන සුහුඹුල් ගෑස් පෝලිම් ද දැකගත හැකිය. එළවා දැමුණු යක්ෂ සේනා අහු මුළුවලට වැද හොල්මන් කරති.

ගල් අඟුරු; අයුතු ලාබය කාගේ සාක්කුවට ද...?

බාල ගල් ඇඟුරු නැව් සේන්දු වී දේශපාලන ලෝකය ගිනිබත් කරන්නට පටන් ගෙන ඇත. ආණ්ඩුවේ ගල් අඟුරු මගඩිය මහින්දානන්දලා හිරේ ගිය චෝදනාවට ම සමාන එකක් බව තතු දත්තෝ කියති. ප්‍රමිතියෙන් තොර බාල ගල් අඟුරු ආනයනය කිරීමෙන් රජයට සිදුවූ පාඩුව බිලියන ගණනකි. ලංකා විදුලිබල මණ්ඩලය නිකුත් කළ  නිල වාර්තාවට අනුව අදාළ සමාගම සැපයූ ගල් අඟුරු නැව් 8කින් පමණක් සිදු වී ඇති පාඩුව රුපියල් කෝටි 762ක් බව හෙළිදරව් වී තිබේ.

 

Coal 1200px 23 07 01 1000x600

 

මෙම ටෙන්ඩරය තවදුරටත් පවත්වාගෙන යාමෙන් රටට සිදුවන පාඩුව  තවත් දරුණු වනු ඇත. ආණ්ඩුව සුජාත නම් දැන් කළ යුතුව ඇත්තේ මෙලෙස බාල ගල් අඟුරු ගෙන්වීමෙන් උපයාගත් අයුතු ලාභය ගියේ කාගේ සාක්කුවට දැයි වහාම විමර්ශනය කිරීම ය. ඒ වගේම බාල ගල් අඟුරු නිසා නිකුත් වන ඉහළ අළු ප්‍රතිශතය හේතුවෙන් සිදුවන පරිසර හානිය ගැන මධ්‍යම පරිසර අධිකාරිය වහාම වෙනම විමර්ශනයක් කළ යුතුව තිබේ.



හරින්ට, දුරකතන ඇමතුමක්

harin frenando

රනිල් ගෙන් පළි ගැනීම ගැන රජයට විරුද්ධව  ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමය ඇතුළු සියලු ජාත්‍යන්තර සංවිධානවලට පැමිණිලි කරන්නට මේ වන විට තීරණය වී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා පාර්ලිමේන්තු සංගමය ඇතුළු සියලු ම ජාත්‍යන්තර ආයතනවලට මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට නියමිත ය. රනිල්ට විරුද්ධව ආණ්ඩුව අත තැබීම මහා සාපයක් බවට පත්වනු ඇතැයි හරීන්  මාධ්‍ය හමුවක දී ප්‍රසිද්ධියේ පවසා තිබිණි.

ඒ මාධ්‍ය හමුව පවත්වා පසු දින හරීන් ජිම් එකට ගිහින් ව්‍යායාම කටයුතු කරමින් සිටිනට විට නොදන්නා අංකයකින් දුරකතන ඇමැතුමක් ආවේ ය. ඔයාලා මොකද රනිල් ගේ සිද්ධිය ජාත්‍යන්තරයට ගෙන යනවා කියන්නේ. හරි එහෙම කරලා බලමුකෝ. ආදී වශයෙන් තර්ජනාත්මක ප්‍රකාශ එම ඇමතුමෙන් කියැවිණි. හරීන් ගේ කටත් ඒ තරම් හොඳ නැති නිසා එහා පැත්තෙන් කතා කළ  පුද්ගලයාට හොඳවැයින් ලුණු ඇඹුල් වචන සංග්‍රහයක් ලැබිණි. ඒ වාග් ප්‍රහාරය හමුවේ ඒ පුද්ගලයා නිරුත්තරව දුරකතනය විසන්ධි කළේය.

හරීන්  ව්‍යායාම කටයුතු කිරීමෙන් අනතුරුව නිවී සැනසිල්ලේ ඒ දුරකථන ඇමතුම ආවේ කාගෙන්දැයි Truecaller මගින් පරීක්ෂා කළේය. එහිදී දුටු දෙයින් හරීන්ට සිනාව නවතා ගැනීමට නොහැකි විය. අදාළ දුරකතන ඇමතුම ලබා දී තිබුණේ උගන්ඩා කුමාරිය ගේ කසාද මනුස්සයා ය.

ආණ්ඩුවේ බත් බැළයින් ගේ වේදනාව


"කොට හුඹහ වගේම කොට මිනිහා විශ්වාස කරන්න බෑ කියලා ආණ්ඩුවේ ම ඇමති කෙනෙක් ප්‍රකාශ කළා. තමන්ට වඩා දියුණු උගත් මිනිහෙක් ගැන කොට මිනිස්සුන්ට ඊර්ෂ්‍යාවක් තියෙනව ද මං දන්නේ නෑ. රට අගාධයට වැටුණු වෙලාවෙ ගොඩදාපු රනිල් වික්‍රමසිංහ පස්සේ මේ තරම් පන්නන්නේ ඒක නිසා වෙන්න ඇති. ඒක ඉතා පහත් හඹා යෑමක්. කොහොමත් මේ ආණ්ඩුව නා ගනිමින් පවතිනවා. විශාල නා ගැනීමක් නාගෙන යනවා. මෙය අනුර කුමාර මහත්තයාගේ අවසානයේ ආරම්භය විය හැකියි, යනුවෙන් හරීන් අදාළ මාධ්‍ය සාකච්ඡාවේ දී පවසා තිබිණි.හරීන්ට ආ දුරකතන ඇමතුමෙන් පෙනෙන්නේ ආණ්ඩුවේ බත් බැළයන්ට හොඳටම රිදී ඇති බවකි.


'Read with Ranil' මාර්තු 19

රනිල් ගෙන් පළිගැනීමේ සිද්ධිය ජාත්‍යන්තර ආයතනවලට පැමිණිලි කරන අතර තානාපති කාර්යාල මට්ටමින් වෙනම දැනුවත් කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක ය. ඒ වගේම  හැම දිස්ත්‍රික්කයකම ස්වාමීන් වහන්සේලා, පූජ්‍ය පක්ෂය, නීතීඥ වරු,තරුණ කණ්ඩායම්,ආදී සියලු පාර්ශ්වවලට මේ අසාධාරණ පළිගැනීම ගැන කරුණු කියන්නට මාර්තු පළමු වැනිදායින් පසු වැඩසටහනක් සූදානම් කර ඇත.

 

අනාගතවාදී නායකයෙක් වන රනිල් ගැන අනාගත ලෝකයට කියා දීම සඳහා මාර්තු 19 වැනිදා Read with Ranil යනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද තීරණය වී තිබේ; ස්මාර්ට් යූ.එන්.පී වැඩසටහන යටතේ ඒ වැඩේ ක්‍රියාත්මකය.

IMG 20260224 WA0012

පළි ගැනීමේ මෙහෙයුම මෛත්‍රී වික්‍රමසිංහ වෙතට හැරෙයි

මුළු මහත් සමාජයේ අතිශය ගෞරවාදරයට ලක්ව සිටින මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මූල්‍ය අපරාධ විමර්ශන අංශයට කැඳවීම ජවිපෙ මධ්‍යස්ථ ප්‍රධානීන්ගේ පවා කනස්සල්ලට ලක්ව තිබෙන කාරණයකි. ආණ්ඩුව මේ කරන ක්‍රියාවලිය පළි ගැනීමක් බව හොඳටම ඔප්පු කරන කාරණය වන්නේ මෛත්‍රී ප්‍රශ්න කරන්නට කැඳවීමයි. කිසි දිනක දේශපාලනය ගැන වචනයක්වත් කතා නොකළ ඇය බඳු උගත් බුද්ධිමත් කාන්තාවකට මෙලෙස හිරිහැර කිරීම ශිෂ්ට සම්පන්න සමාජයේ ගර්භාවට ලක්වන කාරණයකි.

ආණ්ඩුව  කරන මේ ජරා වැඩේ ගැන කනස්සල්ල පළ කරමින් විද්වතුන්, මාධ්‍යවේදීන්, ස්ත්‍රීවාදී ක්‍රියාකාරීන් සහ නීතිඥයින් 85 දෙනෙක් සහයෝගීතා ප්‍රකාශයක් නිකුත් කළේ ය.මෙම ප්‍රකාශයට දේශමාන්‍ය රාධිකා කුමාරස්වාමි, ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු, ආචාර්ය සුභාංගී හේරත්, ආචාර්ය රේණුකා පතිරණ මහත්මීන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ක්‍රියාකාරීන් අත්සන් තබා ඇත.

 

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි පිළිබඳ සභාපති සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරිය ලෙස සේවය කරන අතර එහි ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානයේ ආරම්භක අධ්‍යක්ෂවරිය බව අදාළ සහයෝගීතා ප්‍රකාශයේ සඳහන් ය.



විපක්ෂයෙන් පුළුල් බලවේගයක්

සිරි සමන්ත භද්‍ර හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමයේ දී  සංඝයා වහන්සේ අසූ නමක් උදෙසා පැවැති දානමය පින්කමට රනිල් ඇතුළු දේශපාලන ප්‍රබලයින් රැසකට ආරාධනා කර තිබිණි. හිටපු ජනපති මහින්ද ද ඒ අතර විය. වැඩම කර සිටි මහා සංඝරත්නය රනිල් සහ මහින්ද අමතමින් පැවසූයේ රට අන්තයටම වැටුණු අවස්ථා දෙකක දී ජීවය දුන් නායකයන් දෙදෙනා සැබෑ දේශ හිතෛෂීන් විසින් කිසි දිනක අමතක නොකරනු ඇති බවයි.



මහජන හඬ සංවිධානයේ නායකයෝ මල් පාර දේශපාලන කාර්යාලයේ දී ඉකුත් බදාදා රනිල් හමු වූහ.

 

643026220 1351478020352305 4880823405461188744 n

මහාචාර්ය ජී.එල් පීරිස්,මහින්ද අමරවීර,අනුර ප්‍රියදර්ශන , උදය ගම්මන්පිල, අසංක නවරත්න, ප්‍රේමනාත් සී. දොලවත්ත, ජයන්ත විජේසිංහ, සුගීෂ්වර බණ්ඩාරද එජාපය  නියෝජනය කරමින් සභාපති වජිර, මහලේකම් තලතා , ජාතික සංවිධායක සාගල එහි වූහ. ආණ්ඩුව ගෙනයන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියට එරෙහිව  විපක්ෂයේ පුළුල් බලයක් ගොඩනැගීම එම පුළුල් එකමුතුවේ අරමුණයි.

ආණ්ඩුව සතියක් පාසා කරන වැඩේ

මෙහිදී රනිල් කීවේ තර්ජනයට ලක්වී ඇති රටේ බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා උපරිම සහයෝගය ලබාදෙන බවයි. නීතිඥයින් බිය ගන්වමින් සංඝරත්නයට විරුද්ධ වෙමින් ගෙන යන වැඩ පිළිවෙළට එරෙහිව විපක්ෂයේ සියලු පක්ෂ ඒකරාශීව වැඩ කළ යුතු බව ද රනිල් පක්ෂ නායකයන්ට දැනුම් දුන්නේය.

ජී.එල් මෙහි දී පැවසූයේ විපක්ෂයේ පක්ෂ හැටියට වෙන වෙනම අනන්‍යතා තිබුණත් රටට අත්‍යවශ්‍ය ප්‍රශ්නවල දී පොදු වැඩ පිළිවෙළකට අවතීර්ණ වීමේ දැඩි අවශ්‍යතාවක් තිබෙන බවයි.

"අපගේ මූලික අවශ්‍යතාවය වන්නේ චිරාත් කාලයක් ආරක්ෂා කරගත් ප්‍රජාතන්ත්‍රවාදයේ සංස්කෘතිය ආරක්ෂා කිරීමයි. මෑත කාලයේ ඊට ඉතා දරුණු ප්‍රහාර එල්ල වෙමින් තිබෙනවා. ඒ වගේම විපක්ෂයේ නායකයන් දැන් සිර අඩස්සියට ගනිමින් ඉන්නවා. එවැනි රටක ප්‍රජාතන්ත්‍රවාදයක් ඉතිරි වන්නේ නැහැ.මේ අය කරන එකම වැඩේ හැම සතියේම කවුරු හරි හිරේ දැමීම පමණයි. සියලු සංවිධානවල අනන්‍යතාවය රැක ගනිමින් පොදු අරමුණක් සඳහා විපක්ෂයේ අප ඒකරාශී වී තිබෙනවා.මේ වැඩපිළිවෙල අපේ රටට අවශ්‍යයි.විපක්ෂයක් ලෙස අප බිඳී විසිරී වැඩ කරනවා නම් අභිමතාර්ථ ඉටුවන්නේ නැහැ,"යනුවෙන්ද ජී. එල්. එහි දී සඳහන් කළේය.

 

රනිල් සන්තෝෂ් ජා හමුව...?

639841755 1507494464069389 2066222154787719556 n

රනිල් සහ ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක් බදාදා උදේ කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ දී සිදුවිය.මේ හමුව සිදු වූයේ සුවිශේෂී පසුබිමක හෙයින් මෙය දේශපාලන ලෝකයේ විශේෂ අවධානයකට ලක්ව තිබේ. රනිල් සහ ඉන්දීය  මහ කොමසාරිස්වරයා අතර හමුව පැයකට ආසන්න කාලයක් පැවැතිණි. එහි දී දෙපාර්ශවය අතර හුවමාරු වූ අදහස් ගැන ප්‍රකාශයක් නොකෙරිණි.කෙසේ වෙතත්  ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙහි දී ප්‍රබල විපක්ෂයක අවශ්‍යතාවය මතුකර පෙන්වා තිබෙන බව දැනගන්නට ඇත.

 

එහි දී රනිල් ඉන්දීය මහ කොමසාරිස්වරයා හමුවේ ප්‍රබල විපක්ෂයන් ගොඩනැගීමට ගෙන තිබෙන පියවර පිළිබඳව කරුණු පැහැදිලි කළේය. එහෙත්  එම වෑයමට සමගි ජන බලවේගය තවම සක්‍රියව එකතු වී නැති බව රනිල් දැනුම් දී ඇත..

ඊට අමතරව මෙම හමුවේදී සාකච්ඡා වූ කාරණා ගැන දන්නේ රනිල් සහ සංතෝෂ් ජා පමණි.

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට පත් වූයේ ද බදාදා උදේ වරුවේය. පාස්කු ප්‍රහාර  පරීක්ෂණයේ තීරණයක්ම තීරණාත්මක සාධකයක් බවට සලේ ප්‍රකාශ වී තිබූ නිසා මේ ගැන කාගේත්  අවධානයට ලක් විය.

(සටහන | මල් පාරේ ලියුම්කරු)

[theleader.lk]

Search