රහස් බෙහෙතත් නෑ, සුදර්ශනී පැණියත් නෑ, කලගෙඩි ගගට දානවා විතරයි - රෝහණී කවිරත්න

අද ඇඳිරි නීතිය ගැන තීරණ ගන්නේ රටේ පරිපාලන නිලධාරීන් නෙවෙයි. හමුදාපති යි, අජිත් රෝහණ – දේශබන්දු තෙන්නකෝන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙන්නයි. සැලසුමක් නැති,

සම්බන්ධීකරණයක් නැති ඇදිරි නීති දැමිල්ල නිසා රටම අවුල් ජාලාවක් වෙලා.

මේ අය පැයෙන් පැය නිරෝධායනය ගැන, ඇදිරි නීතිය ගැන එකිනෙකට පස්පර කථා කියනවා. මාධ්‍ය ඉස්සරහට ඇවිත් ඊලඟ පොලිස්පති වෙන්න අවධානය දිනා ගන්න හදනවා.

එක්කෙනෙක් නිරෝධායනය කරනවා කියනවා. අනික් කෙනා එහෙම කරන්නේ නෑ කියනවා. මේවා අහගෙන ඉන්න කෝවිඩ් ලෙඩ්ඩු ‘සියදිවි නසාගන්නවා‘ යැයි රෝහණී කවිරත්න මහත්මිය පැවසූවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති පුවත් පත් සාකච්ඡාවක දී ය.

සැලසුමක් නැතිව ඇදිරි නීතිය පැනවීම නිසා මුළු රටේම ‘සැපයුම් ජාල බිඳවැටිලා‘ තිබෙනවා. බස්නාහිර පළාතේ මිනිස්සු බඩගින්නේ ඉදිද්දී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු විකුණාගන්න බැරි වෙලා තියෙනවා.

කිසිදු සැලසුමක්, කලමනාකරණ යාන්ත්‍රණයක් නැතිව හමුදාවත්, පොලීසියත් හිතෙන හිතෙන හැටියට ඇඳිරි නීතිය පැනවීම නිසා කන්න නැති, බෙහෙත් නැති, මිනිස්සු මහ මගට වැටෙන, රෝගීන් සිය දිවි නසා ගන්නා ‘විසාලා මහ නුවරක් බව‘ බස්නාහිර පලාතම පත්ව වෙලා තියෙනවා.

අද කෝවිඩ් වලට තියෙනවා කිව්ව රහස් බෙහෙතුත් නෑ. සුදර්ශනී ගේ පැනිය – කළ ගෙඩි ගඟට දාන සෙල්ලම විතරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය දුන්න සල්ලිවලින් මාස 6 ක් කොරෝනා පරීක්ෂණ උපකරණයව මිලදී නොගත් ආණ්ඩුවක් මේක. කොමිස් ගන්න ලාබ බඩු ගෙනල්ලා, මැෂින් කැඩුණාම පුවත්පත් නිවේදනය නිකුත් කරන ආණ්ඩුවක් මේක.