20 වැනි සංශෝධනයෙන් ලැබූ දේශපාලන බලය තහවුරු කරගැනීම වෙනුවට පුරවැසියන්ගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් මුළු රටම එක් විය යුතු අවස්තාව එළඹ ඇති බව හිටපු කතානායක කරු ජයසුරිය පවසයි.
'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ' සභාපති කරු ජයසූරිය එබව කියා සිටියේ, (02) දින මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි.
තමා අද ජනතාව අමතන්නේ ලංකා ඉතිහාසයේ දරුණුතම වසංගතය ඇති වී දහස් සංඛ්‍යාත ජනතාවක් තම ජීවිතය රැක ගැනීමට ආහාර වේලක් ලබා ගැනීමට, සිය පවුල් රැක ගැනීමට, ජීවනායෝපයක් ලබා ගැනීමට මහා සටනක යෙදී ඇති අවස්ථාවක බව කරු ජයසුරිය හිටපු කතානායක වරයා පවසයි.
ජනතාව මුහුණ පා ඇති පීඩනය තම සංවිධානය හොඳින් දන්නා බව පවසන කරු ජයසුරිය, රට හා මහ ජනතාව බේරාගැනීම සඳහා රජයේ නායකත්වයෙන් පියවර ගන්නා ලෙසත්, දේශපාලන බේදයකින් තොරව සෑම දෙනෙකුටම සහනයක් සළසන ලෙසත්, ජනාධිපතිවරයාට සහ රජයට ආයාචනා කර සිටියි.