කාන්තා දිනයට ගෘහස්ත ප්‍රචණ්ඩත්වය වැළක්වීමේ පනත කියවමු


කොළඹ ජාතික රෝහලේ සංඛ්‍යාලේඛන අනුව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නිසා රෝහල්ගතවන කාන්තාවන් ගණන දිනකට 12ක් පමණ වන බව අද( 05) දින ප්‍රවෘත්තියක් ලෙස විකාශය විය. බත ඉදෙනතුරු පමණක් තිබෙන

සරල ගැටුමක් ලෙස සමහර දේශපාලකයින් අර්ථ දැක්වු ගෘහස්ත ප්‍රචණ්ඩත්වය, දණ්ඩ නීතී සංග්‍රහයේ එවකට ද පැවතී වරදවල් පුළුල් තලයකට ගෙන එමින් වඩා ප්‍රගතිශීලි පනතක් ලෙස පාර්ලීමේන්තුවේ සම්මතවුයේ 2005 අගොස්තු මාසයේ ය. එවකට අගමැතී මහින්ද රාජපක්ෂ මැතීතුමා වූ අතර චන්ද්‍රිකා බන්ඩාරනයක කුමාරණතුංග මැතිනිය ජනාධිපති විය.
වඩා වැදගත්ම කාරණය වන්නේ එම නීතීය ඉදීරීපත් වන්නේ එහී හැඳින්වීමේ ඇතී පරිදි, වැළක්වීමේ නීතීයක් ලෙස ය. දන්ඩණීය නීතීයක් ලෙස නොගෙනීමම එම නීතීයේ නිර්මාණකරුවන් සවිඥ්ඥානිකව කළ කාරණයක් බව තේරුම් යන්නේ පනතේ භාවිතයේ දී ලාංකීය සමාජයට එය බිල්ලකු නොවීමට වගබලා ගැනීමත් එමෙන්ම අවශ්‍ය මුඛ්‍ය කාරණය එනම් නිවසේ සිදුවන ප්‍රචණ්ඩත්වය වළක්වා ගැනීමත්ය. මෙය කාන්තාවන්ට එරෙහී ප්‍රචණ්ඩත්වය පනත ලෙස නොගන්නේම එයට එරෙහී බලවේග සමනය කිරීමත් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය කාන්තාවන් අරභයා පමණක් නොව ළමයින් හා වැඩිහිටියන් එල්ලේ ද සිදුවන බැවීනී. මෙම පනත අපරාධ නීතීයේ පවතින රාමුවෙන් එළියට පැන්නා නම් එය සිදුවුයේ මානසීක හිංසාව නැත්නම් හැඟීම් මත සිදුවන පීඩාවද මෙම පනත මගින් ආවරණය කර තීබීමයී. 1995 දණ්ඩ නීතී සංග්‍රහයට 345 වගන්තීය එක් කිරීම මගීන් බැල්මකින් පවා කාන්තාවට ලිංගික හිංසනය කළ හැක යන වඩා ප්‍රගතිශීලි නීතී රාමුව හඳුන්වාදී දස වසරක් ගතවන විටම මෙම නීතීය මගීන් තවත් ඉදීරී පියවරක් තැබුණි.

වැළක්වීමේ නීතියක පැවතීය යුතු වැළක්වීමට හැකී අධිකරණමය හැඩය මෙම නීතීයට ද ගෙන එමින් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයක් සිදුවන විට පමණක් නොව සිදුවීමට වඩාත් ඉඩ ඇතී විට ද මෙම නීතීයේ පිහිට පැතීමට අවස්ථාව ලබා දීම තවත් ඉදිරි පියවරකී.

බොහෝ විට ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සිදුවන්නේ සැලසුම් සගතව නොවේ. එය අධීපතීවාදය තුල පිරිමියාට ප්‍රධානය කර ඇතී බලය රීසීසේ භාවීතා කිරීමට ඕනෑම වෙලාවක ඇතී සමාජ පිළිගැනීමේ ක්‍රියාවේ යෙදවීමක් පමණි. එයට සැලසුම් කිරීමක් අවශ්‍ය නොවේ, ක්‍රියාත්මක කිරීමට සිතු සැනීන් එයට අමුද්‍රව්‍ය ඇතී සැටීයේන් එය කළ හැක. එම නිසාම මෙය හදීසී කාරණයක් ලෙස සලකා වැලැක්වීම ද පනතේ අරමුණක් ලෙස පැහැදිලිවම පෙනෙන්නේ අයට ලබාදී ඇතී ප්‍රමුඛතවයයි. නඩුවක් හදීසී නඩුවක් ලෙස සලකා කටයුතු කළ යුතු බව නීතීය තුලම ලියැවී ඇත්නම් එය එම නීතීයේ සංවේදී හා හදීසී අවශ්‍යතාවය මතුකර පෙන්වීමකී. අනතුරුව එය පහසුම ක්‍රමයට කිරීමට හැකීවීම ද අතුරු ප්‍රශ්න වැළක්වීම ද අරමුණුකොට නිර්මාණය කළ පනතකී. ඕනෑම වින්දීතයකුට වහාම තමා හෝ වෙනෙකෙකුගේ පැමිණිල්ලක් මත වහාම අධිකරණයෙන් ඒක පාර්ශවීයම සහන ලබා ගත හැක්කේ සරල ලෙස නොව අධිකරණය සැහීමට පත් කිරීම තුලය. පහසුවෙන් ලබා ගැනීමට හැක යන්න සරල තේරුම් ගැනීමට ධනාත්මකව හා සෘනාත්මකව පහසුකම් සැපයීමක් මේ පනත තුල කර ඇත.

1599129365 74123

පසුගාමී සමාජයක් ඉදිරිගාමී සමාජයක් බවට පරිවර්තනය කිරීමට නම් එය භාවිතාවන සමාජයේම එය කලම්බනයට ලක් කිරීමට අවැසී බව නිර්මාණකරුවන් සිතන්නට ඇත. බලෙන් පැටවීමට වඩා මෙම කාරණය හරහා දැනටත් පවතීන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136 ( 1 ) අ වගන්තීයේ ඇතී පිළිගැනීමම එබ්බවීම හරහා තිරිංග හෝ ග්‍රහනය කිරීමට පහසුකම් සැපයීම කර ඇත.

මුල් අවධීයේ මා එවැනී නඩුවකට පෙනී සිටියදී මා ඉතා ගරු කරන එවකට සිටී මහේස්ත්‍රාත්තුමියක් විනිශ්චායසනයේ සිටම පවසන ලද්දේ මෙය ඉතා දරුණු නීතීයක් බවය. එවකට එය බොහෝ අය තේරුම් ගෙන තිබුනේ ද එලෙස ය. මා විවෘත අධිකරණයේදී ම පවසා සිටියේ මෙය ලංකාවේ බිහිවුනු සුවිශේෂී වටිනාකමක් ඇතී නීතීයක් බව හා එතුමියට පරස්පර මතයක් මා දරන බවය.

කාලයගේ ඇවෑමෙන් අද වන විට මෙම පනතට මනා පිළිගැනීමක් හා එය තුලම මෙම නීතීයේ කතුවරුන් බලාපොරොත්තු වූ ප්‍රවර්ධනය අභ්‍යන්තරිකව ද සිදු වන බව ය. හා ප්‍රයෝගිකව ඇතී අපහසුතා කදීමට මගහරවා ගන්නේ අවශ්‍යතාවය (Necessity) යන කාරණය පෙරදැරීවීම නිස බව ය.ලංකාව පුරුෂ මුලීකව ක්‍රියාත්මකවන පුරුෂාධිපත්‍ය සමාජයක්. එහීදී නෛසර්ගීක පුරුෂභාවයන් මතුවීම ස්වභාවිකය එය ගැහැණු හෝ පිරිමි වේවා අධිකරණ ක්ෂේත්‍රයේ ද එසේමය. එසේ වූ කලී ප්‍රශ්නය දෙස කාන්තා කෝණයෙන් බැලීම සිදුවන්නේ සමාජයේ එය පවතීන ආකාරයට වඩා වැඩී වෙනසකින් නොවේ.
ඒ නිසාම මෙය සමාජයට ගිය සමාජයේ පිළිගත් නීතීයක් ලෙස පැලපදියම් කිරීම වෙනස් හා ගෞරවනීය සමාජයක් බලාපොරොත්තු වන සැමගේ කාර්යයී. කාන්තාවන්ට ළමයින්ට පහර දෙන සමාජයක් දියුණු හෝ ගෞරවනීය සමාජයක් නොවේ.
මෙම පනතේ එක මුඛ්‍ය කාරණයක් දෙස බලමු, යම් හෙයකින් පුරුෂයා හෝ පනතේ සටහන් වන ආකරයට පීඩාවට පත් තැනැත්තට අදාල තැනැත්තා පිළිබඳ ඉතා විශාල වපසරීයක් නිර්මාණය කර දී ඇත, එමගින් පීඩකයාට ගැලවිය හැකී අවස්ථා ඉතා අවම කර ඇත. ඒ අනුව සාමාන්‍යයෙන් කාන්තාවක් පීඩාවට පත් කරන කණ්ඩායම් බොහෝමයක් එයට ඇතුලත් කර තීබීම නිසාම මෙය තවත් ඉදීරී පියවරක් තැබූ පනතකී.
මා මෙය බලන්නේ කාන්තාවාදී දෘෂ්ටි කෝණයකින් නිසා මට ඉතාම වැදගත් වන කාරණය නම් සාක්ෂී විමසීමේදී මෙම පීඩාවට පත් තැනැත්තාට අදාල තැනැත්තා නැතහොත් වගඋත්තරකරු නීතීඥයකු මාර්ගයෙන් නොව තමා විසින්ම පීඩාවට පත් තැනැත්තාගෙන් සාක්ෂී විමසයී නම් එවීට පීඩාවට පත් තැනැත්තාගෙන් සෘජුවම සාක්ෂී වීමසීමට පනත ඉඩ නොදේ. මන්ද පනත නිර්මාණය කළ අය දන්න කාරණය නම් එසේ පීඩකයා පීඩීතයාගෙන් සෘජුවම ප්‍රශ්න ඇසීමේදී මෙතෙක් පීඩකයා විඳී බලය හා ආධිපත්‍ය යොදා සාක්ෂීකාරීය යටපත් කළ හැකී වීමයි.මෙය නිර්මාණකරුවන් හොඳින් වටහා ගත් නිසා පීඩීතයා හැකි පමණ පීඩකයාගෙන දුරස්ව තබගැනීමට හා බලපෑමෙන් තොරව ජීවත් වීමට හා අධිකරණ කටයුතුවලදී පවා කටයුතු කිරීමට සලස්වා ඇත, එහීදී එම පීඩකයාගේ ප්‍රශ්න පළමුව අධිකරණයට යොමු කොට පසුව අධිකරණය මගීන් පීඩීතයාට යොමු කිරීමට පනත සලස්වා ඇත.

මෙයම හා 11 වගන්තීයේ ඇතී සහන සියල්ලම පනත කෙතරම් දුරට කාන්තාව පවුලේ සමගිය ඉලක්ක කරගෙනම පනවා ඇද්ද යන්නට සාක්ෂී වේ. එම 11 වගන්තීය අනුව ඕනෑම ආකාරයේ බලපෑමක් හෝ යටපත් කිරීමට දරන උත්සාහයක් හෝ පීඩනයකින් කාන්තාව හා ළමයින් වැළක්වීම හා ගෘහයේ සාමය ආරක්ෂා කිරීමට දරා ඇති උත්සාහය ප්‍රශංසනීය වේ. පනත අනුව ආරක්ෂක නියෝගය වාර්ශීකව දීර්ඝ කීරීමට හැකී බව බොහෝ දෙනා නොදන්න හැඩ ය.

බොහෝ උසාවිවල සමගි කිරීමට උත්සහ ගනු පෙනේ. සමහර උසාවිවල මෙම නඩුව ඉක්මනින් නොගැනීම ද ප්‍රශ්න සහගතය. පනතේ අදහස නම් එදීනම හෝ පසු දීන ගැනීම ය. සමහර උසාවිවල ගෘහස්ථ ප්‍රචණ්ඩතා නඩු ගැනීමට දිනයන් වෙන් කර තීබේ, මෙය ද වෙනස්වීය යුතුය. එමෙන්ම සමගි කිරීම හෝ පවුල් උපදේශනයට යැවීම පනත මුල් අවස්ථාවේ බලාපොරොත්තු නොවන දෙයකී.

මුලින් කී ආකාරයට අධිකරණය සැහීමට පත් වේ නම් එවීට අතුරු නියෝගයේ ආරක්ෂාව ලබාදී පසුව එය කරුණු විමසා පවත්වාගෙන යාම දීර්ඝ කිරීම හෝ වෙනස් කිරීම සිදුවීය යුතු බව පනතේ අරමුණ බව මගේ හැඟීමයී.

පොලීසී ද සමහර විට මෙවැනී පැමිණිලි ලැබුණු විට උසාවී නොදා සමගී කිරීමට කරන උත්සාහය ඔවුන් පනත නොදන්න බව කියා පෑමකි. එමෙන්ම සමහර දක්ෂ කාන්තා නිලධාරීනියන් කාන්තාවන්ට පනත ආකරයටම සැලකීම නිසා හොඳ සහනයක් ලබා ගැනීමට අවස්ථාව උදාවේ. පොදුවේ මගේ අත්දැකීම නම් පොලීසීය හරහා මෙවැනී නඩුවක් කරනවාට වඩා දැනුමැතී නීතීඥවරයකු හෝ නීතීඥවරීයක මාර්ගයෙන් මෙවැනී නඩුවක් පවත්වාගෙන යාම වැදගත්වන බවයි. එහෙත් පොලිස් පැමිණිල්ල පූර්ව උපදේශන සහය හා මානසීක වාර්තා වඩා වැදගත් වෙයී.
මගේ මෑතකම අත්දැකීම නම් උසාවීය අතුරු ආඥාවක් සහීතවම උපදේශනයට යොමු කිරීම නිසා උපදේශක නීතීය නොදැනීම නිසාම දෙදෙනාම නැවත එක නිවසක වාසය කිරීමට බලපැම් කර තත්ත්වය උඝ්‍ර කීරීමයී. මෙය නොකළ යුත්තකී.
අවසානයේ මෙම ප්‍රශ්නයට කාන්තාවන් ට මුහුණදීමට සවිබල ගන්වන්නේ කෙසේද? පුරුෂයකු හා පුරුෂාධිපත්‍ය දරන්නකු වශයෙන් මා හීලැවුයේ හා මෙල්ල වුයේ කාන්තාවන් ඇසුරේය. ඔබේ බිරිඳ ඔබගේ පුරුෂාධිපත්‍යයේ උඩඟුකම මෙල්ල කරන තැනැත්තිය විය යුතුය. මම එය අත්දකීමී. දෙවනුව මා ඇසුරු කළ මහා කාන්තාවන්ය. ඉන් ඕඩ්රි රීබේරා, සුනිලා අබේසේකර, නිමල්ක ප්‍රනාන්දු ස්ත්‍රී පුරුෂ සමාජභාවීය, සම හැසීරීම් පුරුෂයන් තුළ ඇතී කීරීමට බලපැම් කළ මහ චරීතය. විවියන් ගුණවර්ධන, තේජා ගුණවර්ධන වෙනත් බොහෝ දේශපාලන හා නොවන කාන්තාවන් පොදුවේ සමාජයට කළ බලපෑම අතී මහත්ය.
පනත කිසිදු විටෙක හුදෙකලා කාරණයක් නොවීය යුතුවා සේම අධිකරණය තුල හා ඉන් පිටත ආකල්පමය, හැසීරීමය හා බලපෑම් කළ යුතු නීතීයකි. එකී බලපැම් කරමින් හා දීර්ඝ අරගල කරමින් මෙම පනත වඩා ඵලදායි පිළිගන්නා හා ආයතනික අභ්‍යන්තරිකව ද වෙනස්කම් ඇති කරන්නා වූ පනතක් ලෙස පරිවර්තනය කළ යුතුය.

වඩාත් වැදගත් මාධ්‍ය හැසීරවීමකට මෙම පනත පුර්වාදර්ශ සපයයී. මෙම පනත අනුව මෙම නඩු කාරණයකදී සිදුවන දෑ පිළිබඳව මාධ්‍ය වාර්තා පල කිරීම තහනම්ය. එමෙන්ම සමාජජාලවලට ද මෙය අදාලය. ඒ නිසා මිනිසුන්ගේ පවුල් තුල ඕනෑම ගැටුලුවක් විය හැක. ඒ ඔවුන් මිනිසුන් නිසාය.
එසේ පුද්ගලික ගැටලු අනෙකෙකුට හෝ සමාජයට තලු මරන්නට කුණු රසයක් ගෙන දීමට ක්‍රියාකරන මාධ්‍යයට මෙම පනත වැට බැඳ ඇත. සෑම අපරාධයකටම මේ පනත ආදර්ශයක්ම වේවා. මා පෙර ලියු ලිපියක් සංස්කරණයකර මෙයට අමුණා ඇත.

231a518bc6937cd83e7a6280d35b35dc XL

ගෙදර අයට ගැහුවොත්, බැන්නොත් මෙල්ල කිරීමේ නඩු දාන හැටි. A reading on Domestic Violence Act .

**ගෙදර එක්කෙනා, ගෑනු හෝ පිරිමි කොයී කවුරුත් වේවා, අනෙක් එක්කෙනාගෙන් ගුටි කන්න බැනුම් අහන්න කැමතී නෑ, ශීලාචාර සමාජයක ඒවා බෑ ,ඒ හින්දයී මේ ලස්සන පනත අපේ රටේ තියෙන්නේ. එක අම්මලට ගහන පුත්තුන්ට වගේම දරුවන්ට ගහන අම්මලට තාත්තලටත් හොඳ පාඩමක් ,මේක කියවන්න හා තත්ත්වය තේරුම් ගන්න. අපි වෙනස් වෙමු මේ 21 වෙනි සියවස. **

මුලු පනත හරහාම කරන්න බලන්නේ දෙදෙනකු වෙන් කරන්න නෙමෙයී ගැහැනියකට හෝ ළමයකුට හෝ වැඩිහිටියකුට සමාජයේ තියෙන මානුෂිය අභිමානය (Human Dignity) ඉහලම මට්ටමක පවත්වාගෙන යාම. මනුෂ්‍ය අභිමානය නොසලකා හැරියොත් ඉතිරිවන්නේ ධීන ජාතියක් පමණයි. ගැහැනුන්ට ළමයින්ට අම්මට තාත්තට පහරදෙන කුණු හරුපෙන් බනින සමාජයක් නැතී කරන්න මේ පනත ගොඩාක් උපකාරී වෙනවා. මේ පනත සම්පුර්ණ වශයෙන් තවමත් භාවිතවන්නේ නෑ කියන එකයි මගේ මතය. ඒක කරන එක නීතීඥයින්ගේ හා අධිකරණයේ වගකීමක්.

2005 අංක 34 ගෘහස්ත ප්‍රචණ්ඩත්වය වැළක්වීමේ පනත ගැන විග්‍රහයක් හා එහී අත්දැකීම් බෙදාගැනීමක් තමයී මෙහී දී සිදුවන්නේ. අපරාධ නීතීයේ එන දණ්ඩනීය හා වැළක්වීමේ (Preventive and Punitive) වැරදී කියන වැරදී වර්ග 2න් වැළක්වීමේ (preventive) වරදක් හැටියට තමයී ගෘහස්ත ප්‍රචණ්ඩත්වය පනතේ එන කාරණා එන්නේ. මේ පනත පාර්ලීමේන්තුවට ගේන කොටත් පක්ෂ, විපක්ෂ කොටස් දක්වපු අදහස් ද මේ දණ්ඩනීය හ වැළක්වීමේ වෙනස්කම නොතේරුම් ගත්තාය කියන හැඟීම මට තියනවා. එදා ඒක දැක්කේ Divorce පනතක් හැටියට.( හැන්සාඩ් එක බලන්න )මේ පනතේ නමම වැළක්වීමේ පනතක් හැටියට නම් කරල තියෙන්නෙම මෙකෙන් වරදකරුවකු කිරීමක් නැති නමුත් චෝදනාව අධිකරණය සැහීමට පත් වෙන ලෙස ඔප්පු කරනවා නම් එතකොට වැළක්වීමේ ආඥාවන් ලබා දෙනවා. මේ වැළක්වීමේ ආඥාවන් යම් පුද්ගලයකු කඩ කරනවා නම් එතකොට එයාට අධිකරණය දඬුවම් කරනවා එකත් සැලකෙන්නේ අධිකරණයට අපහාස කළා වගේ තත්ත්වයේ ලා මිසක් කළ ප්‍රචණ්ඩත්වයට දඬුවමක් නෙමෙයී, මිනිසුන් ස්වභාවයෙන්ම ප්‍රචණ්ඩ හැසීරීම් පෙන්නුම් කරනවා. ඒ නිසාමයී ප්‍රචණ්ඩකම අපේ සමාජයේ තවම පවතීන්නේ. මේ ප්‍රචණ්ඩ බව පිරිමි විතරක් නෙමෙයී ගැහැනුත් කරනවා. එතකොට මේ පනත කාන්තවන්ට එරෙහී ප්‍රචණ්ඩත්වය පනත නෙමෙයී ගෙදරක ඕනෑම කෙනෙක්ට එරෙහීව කරන වරදක් සේ සලකා ගෘහස්ත ප්‍රචණ්ඩත්වය පනත සේ නම් කරනවා.

**මේ පනතීන් කාන්තාවන් , පිරීමින් ,වැඩිහිටි දෙමාපියන් , කුඩා දරුවන් හා ගෘහයක සිටින සියල්ලන් හෝ බොහෝමයක් ආවරණය කරනව. ඒත් ගෘහස්ත සේවකයනුත් ආවරණය කළා නම් හොඳයී කියා මා සිතනවා. **

පනතේ 2 වගන්තීයේ විස්තර කරන්නේ අගතියට පත් පාර්ශවය කව්ද කියා නැත්නම් වින්දිතයකු එහීදී හඳුනා ගන්නවා ඒ වින්දිතයාට එහීදී මෙම ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ වින්දිතයාට ප්‍රචණ්ඩ බව අත්දැකීම හෝ ඔන්න මෙන්න අත්දැකීමට ලක්වීමට සිටින අයට පවා මහේස්ත්‍රාත් අධිකරණයට යාහැකී.

***ඒත් මේ ලක්වීමට ඉඩ ඇත කියන අවස්ථාව තවම අපේ රටේ භාවීතා වෙන්නේ ඉතාම අඩුවෙන්. පනතේ දිගින් දිගටම කියනවා ප්‍රචණ්ඩත්වයට ලක්වීය හැකී පුද්ගලයන්ට ද අධිකරණයට පැමිණිය හැක කියලා වින්දිතයා හෝ වින්දිතයා වෙනුවෙන් පොලීසීය මෙම නඩු පැවරීම කළ හැකියි. වින්දිතයා විසින් පෞද්ගලීකවම නඩු පැවරීමේදී නීතීඥයකු මාර්ගයෙන් තමයී නඩු පවරන්න ඕන. ***

වින්දිතයා නඩු පවරන කොට ඒ සිද්ධීය ගැන හොඳින් කරුණු දන්න අයෙක් ඒ සිද්ධී තමන් දන්න බවට කරන්නා වූ දිවුරුම් ප්‍රකාශයක් අමුණා තීබීමත් වැදගත් හෝ අවශ්‍යමයි. පනත අනුව මෙම අධිකරණයට යැම කියන්නේ ආරක්ෂක ආඥාවක් ලබාගන්නටයී. එක මුල අවස්ථාවේ ලැබෙන්නේ අතුරු ආරක්ෂක ආඥාවක් හැටියටයී.

මෙම අධිකරණය යනුවෙන් අදහස් කරන්නේ වින්දිතයා ඉන්න හෝ තාවකාලීකව ඉන්න මහේස්ත්‍රාත් බල ප්‍රදේශයයි, ඒවගෙම ළමයෙක් නම් වින්දිතයා ළමයා වෙනුවෙන්, දෙමාපියන්ගෙන් කෙනෙකු, භාරකරු, ළමයා ජීවත්වන තැන ඉන්න පුද්ගලයකූ, හෝ ළමා ආරක්ෂණ අධිකාරියට පුළුවන් , හිතන්න බෝඩිමක ඉන්නවා කියලා බොඩීමේ භාරකරුටත් පුළුවන් .අනෙක තමයි පොලිසියටත් පුලුවන් වින්දිතයකු වෙනුවෙන් මේ නඩුව ගොනු කරන්න. මම බොහෝ විට මගේ මතය හැටියට කියන්නේ පොලීසීය හරහා නැතුව නීතීඥයකු හරහා කරන්න පුලුවන් කමක් තිබෙනවා නම් එහෙම කරන්න කියලා. මුදල් නැත්නම් නීතී ආධාර කොමිසම හරහා මේ නඩුවක් දාන්න පුලුවන් පොලීසීය නඩු දැමීමේ වරදක් නෑ. ඒත් මා එයට ඔබව උනන්දු කරවන්නේ නෑ. ඒ හින්දයී නීතී අධාර කොමිසම කියන විකල්පය මා යෝජනා කරන්නේ.

emotional abuse

**මෙහීදී ළමයා යන්න වයස 18 ට අඩු කෙනෙක් කියන එකත් , ප්‍රචණ්ඩත්වය යන්නට උද්වේගශීලි බැන වැදීමක් විශේෂයෙන්ම වින්දීතයා කෙරෙහී යොමු කරන ලද බරපතල ස්වභාවයේ අවමන් කිරීමේ හා අපහාස කිරීමේ ක්‍රියා කලාපයක් ස්වරුපයකින් යුක්ත වන්නා වූ ද, ඒ පීඩාවට පත් තැනැත්තාට බරපතල ක්ෂණික පීඩාවක් ඇතිකිරීමේ බලපෑම ඇත්තාවුද ක්‍රියාවක් අදහස් වේ , **

මේ කියන්නේ කුනුහරුප හා අවමන් සහගත වචනවලීන් කරන්නවු බැන වැදීමක් හා එවැනී වෙනත් අවමන් සහගත් වචන ක්‍රියා ක්ෂණික දැඩී පීඩාවක් ඇතිකරන කෙනෙක් උද්වේගශීලී බැන වැදීම කරනවා. මේක ගැනු පිරීමී දෙගොල්ලම කරනවා. මේක කරන්න බෑ, වෛශ්‍යාවක් හෝ නපුංසකයෙක් කීම අපේ සමාජයේ සලකන්නේ බරපතල හා ක්ෂණික පීඩාවක් ඇතීකරවන අවමන් කිරීමක් හැටියටයී. පීඩාවට පත්වුන ගෑනු කෙනාට හෝ පිරිමී කෙනාට හෝ දෙමාපියන්ට නඩු යන්න පුළුවන්, එම පීඩාවන් හෝ ප්‍රචණ්ඩත්වය නිවසේ හෝ නිවසින් පිට වුනත් මහ මගදී කළත් නඩු යන්න පුලුවන්.

තවද ප්‍රචණ්ඩත්වය විශාල පරිපථයක අර්ථ දක්වලා තියනවා දණ්ඩ නීතී සංග්‍රහයේ 16 වන පරිච්ඡේදයම ඒ කියන්නේ ශරීරයටවන හා ජීවිතයටවන අපරාධ සියල්ලම මේ පනතේ ප්‍රචණ්ඩත්වය ලෙස සලකනවා 293 සිට 365 අ දක්වා විශාල පරාසයක වැරදී සංයුක්ත වන වැරදී මෙහීදී වැරදී ලෙස සලකනවා. ඊට අමතරව 372 බලෙන් ලබා ගැනීම හා 483 සාපරාධී බිය ගැන්වීම මේ ප්‍රචණ්ඩත්වයට අර්ථ ගන්වනවා.
තවත් විස්තර කරනවානම්:
දණ්ඩ නීතී සංග්‍රහයේ වගන්තී බලපාන ආකරයත් වැදගත්; මෙහීදී විශේෂයෙන්ම මේ කාරණය ගෘහස්ත ප්‍රචණ්ඩත්වය කියන කාරණයේ දී භාවීත වෙන්නේ අඩුවෙන්. උදාහරණයක් කිව්වොත් ගෙදර දී මරණ තර්ජනය කළාට කවුරුවත් බරපතල විදියට සලකන්නෑ, " අපි දන්නේ නැද්ද ඕකගේ හැටි ඔය කිවට මරණ එකක් නෑ" කියල ඉන්නව ඒත් සමහර විට පවුලේ හෝ ඥාතියෙක් තමයී මරන්නේ. ලිංගික අතවරත් එහෙමයි පවුලෙ අය අතින් අතවර වීම සමාජයේ එළියට එන්නේ නෑ. හැබැයි ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ වැදගත්කම තමයි ගෙදර අයගේ එහෙම ක්‍රියාකාරකම් ප්‍රචණ්ඩත්වය ලෙස සලකන්න පුලුවන්කම. ගෙදර තාත්ත ළමයව පැහැරගෙන යනවා නම් සිවිල් නීතීයේ කුමක් කීවත් එය වළක්වා ගන්න මෙය භාවීතා කළ හැකියි.
එකම දේ අපේ රටේ මේ නීතිය තාම ඒතරම් දුරට වර්ධනය නොවීම. කාන්තාවන් හා නීතීඥයන් හා අධිකරණය මේ ගැන ක්‍රියාත්මක වෙන්න ඕන, බලන්න 345 වගන්තීය ලිංගික හිංසනය. මේක ගෙවල් ඇතුලේ ඕන තරම් වෙනවා. සීය , බාප්පා, ඥාතී සහෝදරයා , සහෝදරයා , අම්මගේ අනියම් සැමියා, සමහර විට තාත්තා පවා මෙවගේ අතවර කරනවා. ඒත් අපී ඒක ගෙදර වෙනවා නම් සලකන්නේ ලිංගික අතවරයක් හැටියට නෙමෙයී. පනත අනුව නම් ඒක වෙන්න කලින් වළක්වන්නත් පුළුවන් වැළක්වීමේ නීතීයක ප්‍රභල බව එන්නේ එතනයි.
අපි පුරුදුවෙලා තියෙන්නේ දණ්ඩනීය නීතියට විතරයි වැළක්වීමේ නීතීය අපි දියුණු කරගෙන නෑ. මරණය කිරීම හෝ තැත් කිරීම , ස්ත්‍රී දූෂණය, පැහැරගෙන යාම සුළු හෝ බරපතල තුවාල කිරීම , අයුතු අවහිරය , අයුතු සිරකර තැබීම , හිතන්න තාත්තා හෝ අම්ම දුවෙක්ව සිරකරගෙන ඉන්නවා කියලා ප්‍රේම සම්බන්ධයක් නිසා, මේ පනත මගින් ගෙදර ඉන්න ගමන් ඒවගේ කරදර නැතුව නිදහසේ ඉන්න පුලුවන්කම හදන නීතියක්. අඩන්තේට්ටම් කිරීම , අපහරණය , සාපරධී බලහත්කාරය , බලෙන් විවාහ කර දීමට බලහත්කාරයෙන් නීතී විරෝධී සංසර්ගය කිරීමට පැහැරගෙන යාම වගේ දේවලුත් වළක්වන්න පුළුවන්. කූට්ටනය වළක්වන්නත් පුලුවන්.

එහීදී මෙම පනතේ අදාල තැනත්තා වශයෙන් හඳුන්වන කෙනා විසින් ඉහත වරදක් කළොත් හෝ කරන්න යනවා නම් තැත් කරනවා නම් එහෙනම් වැළක්වීමේ ආඥාවක් ගන්න පුළුවන්.
අදාල තැනත්තා කියන්නේ මේ පීඩාව හෝ හානීය කරන්න උත්සහ කරන හෝ , කරන කෙනා , එම අය මේ පහත අයගෙන් ඕනෑම කෙනෙක් වෙන්න පුලුවන්. එම පීඩකයා පීඩාවට පත්වෙච්ච කෙනාගේ ;**1. කලත්‍රයා ඒ කියන්නේ බිරිඳ හෝ සැමියා (Spouse) **
**2. පෙර කලත්‍රයා ඒ කියන්නේ පෙර බිරිඳ හෝ පෙර සැමියා. (Ex-Spouse) **
**3.සහවාසයේ යෙදෙන සහකරු ඒ කියන්නේ එකට ජීවත්වෙන ගැහැණු හෝ පිරිමි කෙනා වෙන්නන පුලුවන්. ( අනියම් සැමිය බිරිය ගැනයී මේ කියන්නේ (Cohabiting Partner) **

ඒ වගෙම. වින්දීතයාගේ කියන්නේ පීඩවට පත්වෙච්ච කෙනාගේ පියා , මව , ආච්චී. සීයා , කුඩම්මා , බාප්පා , පුතා , දුව , මුණුබුරු මිණිබිරි , බිරිඳගේ හෝ සැමියගේ පෙර විවාහයේ පුතා හෝ දුව,සහෝදරය , සහෝදරීය , අර්ධ සහෝදරීය හෝ සහෝදරයා හෝ මවගේ හෝ පියාගේ සහකරුගේ පෙර විවාහයේ දරුවන් හෝ , සහකරුගේ සහෝදර සහෝදරීයන් , සහෝදර සහෝදරීයන්ගේ දරුවන් , ඥාතී සහෝදරයා ඥාතී සහෝදරීය යන අයවලුන් වේ. මේ පීඩාව කරන අයව විශාල වපසරීයකින් නම් කරල තියනවා අඩුම ගානේ cousin කෙනෙක් ඥාතී සහෝදරයන් පවා.

මෙවැනී ඉල්ලීමක් ලැබුන විට අධිකරණය එම ඉල්ලීම වහාම සලකා බැලීය යුතුය. මේ වහාම යන්න මේ පනතට යොදන්නේ ගෙදරක සිද්ධවන ප්‍රචණ්ඩත්වයට අධිකරණයේ සාමාන්‍ය කාලය ගත්තොත් අවම වශයෙන් දින දෙකකවත් ගත්තොත් සමහර විට එය මරණයක් දක්වා හෝ සියදිවි නසා ගැනීමක් දක්වා හෝ ගමන් කළ හැකි නිසා විය හැක, විශේෂයෙන්ම බොහෝ මහේස්ත්‍රාත් අධිකරණවල මෙම නඩු දවල් 12ට පෙර ගොනු කළොත් එදිනම ද 12ට පසු ගොනු කළොත් පසුදා ද සලකා බලයී.

නමුත් සමහර තැන්වල දින දෙක තුනක් ගනී. එය පනතේ අරමුණුවලට පටහැනී බව මගේ මතයයී. එවැනී අවස්ථාවක් මහේස්ත්‍රාත්තුමාට එය මතක් කර දීම මම නම් කරනවා. එතුමාට කැමතී තීරණයක් ගත හැකියී.

**මෙම ඉල්ලීම පුද්ගලීක නීතීඥයකු හරහා කරනවා නම් පෙත්සමක් , මොසමක් හා දිවුරුම් ප්‍රකාශයක් තීබීය යුතු අතර එම දිවුරුම් ප්‍රකාශයේ සියලු කරුණු සම්පිණ්ඩනයකොට අවශ්‍ය නම් එවාට අවශ්‍ය ඇමිනුම් ඒ කියන්නේ රොහල් වාර්තා, වෛද්‍ය සහතීක, පහර කෑම ගැන ඡායාරූප, වොයිස් රේකොඩින් ( හඬ පට ), පොලිස් පැමිණිලි පිටපත් වෙනත් දෘඩාංග හා මෘදුකාංග සාක්ෂි ඉදීරීපත් කළ හැක. **

පින්තුරේ වගේ මූණ නිල්වෙලා තියන වෙලාවක් පීඩකයා ඇවිල්ල උසාවියට කිව්ව මම ගැහුවේ නෑ යතුර විසි කරා ඒක එයාගේ ඇහේ වැදුනා කියලා උසාවියේ හිටපු අපිට හිනා ගියා , එහෙම අසාර්ථක බොරු කියන්න එපා.

එදිනම අතුරු ආරක්ෂක ආඥාවක් ලබගත හැක. එසේ කිරීමට නම් වින්දිතයගෙන් දිවුරුමක් මත සාක්ෂී විමසීමක් කර එම ආඥාව දෙනු ලැබේ, එවිට නීතීඥවරයා විසින් වින්දිතය සාක්ෂි කූඩුවට නංවා සිද්ධීය ගැන විශ්වාසනීයත්වය ගොඩනැගෙන ආකාරයේ සාක්ෂි මෙහෙයවීමක් කළ යුතුයී. ඒමගින් මහේස්ත්‍රාත්වරයාට ඒත්තු ගන්වන්න අවශ්‍යයි මෙහි ඇති බරපතල තත්ත්වය හා විය හැකීකමේ බරපතලකම ඒවගේම දික්කසාදයට නොයා මේක උත්සාහ කරලා බලන්න,
මහේස්ත්‍රාත්වරයා අතුරු ආඥාවක් දීමට සෑහීමට පත් නොවේ නම් දින 14 කට පසු අධිකරණයේ පෙනීසීටින ලෙස කැඳවීමේ ආඥාවක් නිකුත් කළ හැක, එමෙන්ම අතුරු ආරක්ෂක ආඥාවට එරෙහීව කරුණු දක්වන ලෙස දින 14කට පසු දිනයක් අදාල තැනැත්තාට නැත්නම් පීඩකයාට ආඥා කෙරේ. එය පීඩකයාගේ හා වින්දීතයගේ පොලීසීයට හා පීඩකයාට උසාවියෙන් නිකුත් කරනු ලබයී.පීඩකයගේ හා වින්දීතයගේ ලිපිනයට අදාල පොලීසීයට පිටපතක් යවන්නේ යම් හෙයකින් යම් ආකාරයට මෙම අතුරු නියෝගය කඩ කළොත් ඒ සම්බන්ධව **පොලීසීයට කටයුතු කිරීමේ බලයක් **ලැබෙන නිසාය. අතුරු ආඥාව නිකුත් කරන තුරු අධිකරණයේ සිටින්නේ වින්දීතය පමණක් බව සලකන්න. එය ඒක පාර්ශවියව සිදුවන දෙයකී.

**පීඩකයාට තමන්ට එරෙහීව ස්ථිර තහනම් නියෝගයක් නිකුත් නොකිරීමට කරුණු දැක්වීමට දින 14ක් ලැබෙයි., දින 14න් පසු ලැබෙන නඩු දීනයෙදී පීඩකයා අතුරු තහනම් නියෝගය වෙනස් කරව ගැනීමට හා ඉවත් කරව ගැනීමට හා ස්ථිර තහනම් නියෝගය නිකුත් නොකරව ගැනීමට නීතීඥයකු මගින් හෝ තනීවම කරුණු දැක්විය යුතුය . **

එහීදී අධිකරණය පීඩකයාට සවන් දීමෙන් පසු කාරණය විමසීමට භාජනය කරයී. පළමුව වින්දිත පාර්ශවයේ සාක්ෂීද අනතුරුව පීඩක පාර්ශ්වයේ සාක්ශීද හරස් ප්‍රශ්න ද වෙනත් ලිඛිත සාක්ෂි ද සලකා බලා අතුරු ආඥාව ස්ථිර කිරීම හෝ නොකිරීම සිදු කරයී.

councilor vs counselor there is a difference 2 new

අධිකරණය සැහීමට පත්වන්නේ නම් දෙපාර්ශවය උපදේශනය කරන ලෙස සමාජ සේවකයන්ට හෝ පවුල් උපදේශකයන්ට නියම කර එයට සහභාගී වන ලෙස පාර්ශවකරුවන්ට නියම කළ හැක. හැබැයී එය පාර්ශ්වයන්ගේ යහපත පිනිස වන බවට අධිකරණය සැහීමට පත් විය යුතුයී. විශේෂයෙන්ම වින්දීතයාට පීඩකයාට අනවශ්‍ය ලෙස බලපැම් කිරීමට එම පවුල් උපදේශනය භාවීත කරන්න බැ. මේක පවුල් උපදේශනය නෙමෙයී ඔබ වින්දිතයාගේ නීතීඥයා හෝ වින්දීතයා නම් දෙදෙනාම එකට ඉන්න උපදේශනයක් මෙයින් අදහස් නොවන බවත් එය නොකරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලන්න.
මොකද 6 ඡේදයේ තියනවා නීතීඥයකු මගීන් පීඩකය නඩු විමසීමට ඉදීරීපත් නොවන්නේ නම් පීඩකයට කෙලින්ම වින්දීතයාගෙන් හරස් ප්‍රශ්න අහන්න බෑ. ඒක අධිකරණයට කියල අධිකරණය තමයී හරස් ප්‍රශ්න අහන්නේ. ඒ තරමටම පනත මගීන් වින්දීතයාව රකිනවා ඒකට අධිකරණය බැඳී ඉන්නවා. ඒ නිසා පවුල් උපදේශනය අපී තෙරුම් ගන්න ඕනා වින්ද්හීතයාව අනවශ්‍ය ලෙස පීඩකයාට නිරාවරණය නොවන එකක් ලෙස වෙනත් විදියට කිව්වොත් දෙදෙනාම එකම විට එකම තැනක උපදේශනය වෙන්නේ නෑ වෙන්න බෑ.
අතුරු ආඥාව ආරක්ෂක ආඥාව නිකුත් කරන තෙක්ම බල පවත්වනවා ආරක්ෂක ආඥාව දෙන්නේ වසරකට එක වසරින් වසර දීර්ඝ කරන්න ඕනා සමාලෝචනයන් සහිතව.

අතුරු ආඥාවේ 11 වගන්තීයේ අ සිට ඕ දක්වාවූ ඕනෑම ආඥාවක් කරන පුලුවන් අතුරු ආඥාව ෆිස්කල් මගින් හෝ වෙනත් බලය ලත් නිලධාරීයෙක් මගින් ඕනෑකමින් පීඩකයාටම බාර දීමට හෝ නිවසේ අලවා බාරදීමට හැකියී. වින්දීතය ළමයෙක් නම් ළමා ආරක්ෂණ හෝ අයීතීවාසීකම් නිලධාරීයකුට ආඥාව නියාමනය කරන්නත් ඒ වගේම ඕනෑම වින්දීතයකුට ආරක්ෂාව හා සහය ලබා දෙන ලෙස සමාජ සේවකයන්ට සංවර්ධන නිලධාරීන්ට අධිකරණය නියම කළ හැකීයී.

විභාගයෙන් පසු අධිකරණය සැහීමට පත් වන්නේ නම් ආරක්ෂක ආඥාවක් නියම කරයී. එය 8 වගන්තීය ප්‍රකාරව කරයී. යම් හෙයකින්න් ෆිස්කල් මගීන් හෝ බලයලත් නිලධාරීය අතුරු ආඥාව බාර දී පීඩකය නොපැමිනියහොත් එවීට අධිකරණය සැහීමට පත්වන්නේ නම් පීඩකය නොමැතීව 8 වගන්තීය ප්‍රකාර ආරක්ෂක ආඥාව නිකුත් කරයී. පීඩකය දීන 14න් අධිකරණයට පැමින ආරක්ෂක ආඥාව නිකුත් කිරීමට විරුද්ධ නොවන්නේ නම් එවීටද අධිකරණය 8 වගන්තීය ප්‍රකාර නොයෝගය කරයී.
ආරක්ෂක ආඥාව ද, පීඩකයාට , පී්ඩකයාගේ පොලීසීයේ ස්ථානාධීපතීට වින්දීතයාගේ පොලීසීයේ ස්ථානාධීපතීට භාරදීය යුතුයී. ඒ වගෙම ගෘහස්ත ප්‍රචණ්ඩත්වය සිදුවීම් ඇතීවීම වැළක්විය යුතුයී.
වඩා වැදගත්ම දේ තමයී 11 වගන්තී එන දේවල්
**වින්දීතයා හා පීඩකය හවුලේ ඉන්න ගෙදරට යන්න බෑ, රැකියා ස්ථානයට යන්න බෑ, පාසලට යන්න බෑ, වාසස්ථානයට යන්න බෑ, තාවකාලිකව ඉන්න තැනට යන්න බෑ, වින්දීතයා හා පීඩකය විසු හවුල් නිවසේ කොටසකට යන්නත් බෑ, හවුලෙ නිවසක පදිංචි වෙන්නත් බෑ, වින්දීතයගෙ ළමයා සමඟ සබඳතා පවත්වන්න බෑ ඒත් ඒක ළමයාගේ යහපතට වේ නම් අධිකරණයට සීමාවකට යටත්ව අවසර දිය හැකීයී. වින්දීතය හවුලෙ බුක්තී විඳීන දේපලවලට එන්න බෑ, ඒ කියන්නෙ කුඹුරක් කරනවා නම් දෙන්න එකතුවෙලා කුඹුරට එන්නත් බෑ, කවර ආකාරයටවත් වින්දීතය සමග සම්බන්ධතා ඇතීකර ගැනීමට උත්සාහ කිරීම ඒ කියන්නේ කෝල් කරන්නත් බෑ, පස්සෙන් යන්නත් බෑ, වින්දීතයට සමාජ සේවකයෙක් හෝ වෛද්‍යවරයෙක් උදව් කරනවා නම් ඒ අයට තර්ජනය කරන්නත් බෑ, වින්දීතය අසරණකරන විදියට ගෙදර විකුණා දැමීම දේපල විකිණීම කරන්නත් බෑ, **

වින්දීතයාගේ ආරක්ෂාව තහවුරු කිරීමට පීඩකයා ගාව තියන කඩු කිනිසී පිස්තෝල අත්අඩංගුවට ගන්නවා ,
** වින්දීතය සමග දේපල ආරක්ෂාවට යා යුතු නම් ඒසේ යන ලෙස පොලීසීයට නියෝගයක් අධිකරණය දෙනව ඒ කියන්නේ ගොයම් කපන්න කුඹුරට යනව නම් , වින්දීතයට ඒ ආරක්ෂාව පොලීසීය දෙන්න ඕනා. **
තාවකාලීක නවාතැන් සැපයීම උපදේශනය හා මනෝ විද්‍යාත්මක සහය දෙන රජයේ නිලධාරීන්ට ලෙස නියෝග කිරීම අධිකරණයට කළ හැකීයී.

**යම් හෙයකින් පීඩකයා **මත වින්දීතය යැපෙනවා නම් මේ සේරම කරලා වින්දීතයට සල්ලීත් දෙන්න ඕන යැපීමට.
මේවගේ 12 වගන්තීයේ ගොඩාක් නියෝග තියනව , දෙන්න දෙමහල්ලෝ සමගී වූණා නම් හා සමගියෙන් ඉන්න බව කරුණු කාරණා මගින් අධිකරණයට ඔප්පු වුණොත්, පසු අවස්ථාවක කැමතී නම් වෙනස් කිරීමට , සුළු වශයෙන් වෙනස් කිරීමට ප්‍රත්‍යදීශ්ඨ කිරීමට ඉල්ලීම් අධිකරණයට ඉදීපත් කළ හැකීයී. එය අධිකරණයට සමාලෝචනය කරනවා.

*ඒත් එලෙස වෙනස් කිරීමට කරන ඉල්ලීම ස්වේච්ඡාවෙන් කරන බව අධිකරණය බලනව මොකද බලපැම් කරල එහෙම වෙනස් කරවා ගන්න අධිකරණය දෙන්නේ නැ. *

***මෙහී නඩු විභාගයේදී සාක්ෂී ආඥා පනතේ කුමක් සඳහන් වුවද බිරිඳගේ සාක්ෂීය පුරුෂයාට එරෙහීවත් පුරුෂයාගේ සාක්ෂීය බිරිඳට එරෙහීවත් බාර ගනී. එමෙන්ම සාක්ෂිකරුවන් කැඳවීමේදී ඉල්ලුම්කාරීය කැඳවන සාක්ෂිකරුවන් අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව කටයුතු කළ යුතුය. ***

**ආඥාව ක්‍රියාත්මක කිරීම පහැරහරින හෝ නොකර සිටීන අයකුට රුපියල් 10,000 ක දඩයක් හෝ අවුරුද්දක සිරදඬුවමක් හෝ ඒ දෙකම හෝ ලඝු ආකාරයට කරන නඩු විභාගයකින් පසු අධිකරණය ලබා දෙනවා. **

මේ වර්ගයේ නඩු මිනිසුන්ගේ පුද්ගලික දේවල් මේව පත්තරවල මාධ්‍යවල හෝ සමාජ මාධ්‍යවල දාන්න බෑ. දැම්මොත් අවුරුදු 2ක සිරදඬුවම් ලැබෙනවා. එහෙම නඩුවකුත් මම දන්නවා. මේක රසකර තලු මරන්න කතාවක් නෙමෙයි. සමාජය මෙතෙක් හිතුවට වඩා වෙනස්ව හිතලා ප්‍රචණ්ඩත්වය අපේ සමාජයෙන් ඉවත් කරන්න ගන්න උත්සාහයක් මිස මේක කාගේවත් වරදක් නෙමෙයී. මොකද අපි කවුරුත් අඩු වැඩි වශයෙන් මේ වරදවල් කරනවා.

නීතීඥ ලක්ෂාන් ඩයස්