'ඩොලරය රුපියල් 300කට යාවි' - GSP+ නැති වුණොත් වෙනදේ ගැන රනිල් අනතුරු අඟවයි (VIDEO)

ජී.එස්.පී. ප්ලස් බදු සහනයත් අහිමි වුනොත් රුපියලේ වටිනාකම බාල්දුවී ඩොලරයකට රුපියල් 300 ක පමණ මුදලක් අපට ගෙවන්න සිදුවිය හැකි බවත්, රැකියා දහස් ගණනක් අහිමි වීමේ අවධානමක් පවතින බවත් හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

මතුව ඇති අවදානම හමුවේ තවදුරටත් දේශපාලනය නොකර ජී.එස්.පී. ප්ලස් සහනය ආරක්ෂා කරගැනීමට රජය වහාම කටයුතු කළ යුතු බව ඔහු කියා සිටියේ යුරෝපා සංගමයෙන් ලද ජී.එස්.පී. ප්ලස් බදු සහනය අහිමි වීමට ඇති අවදානම ගැන අද (13) විශේෂ ප්‍රකාශයක් කරමිනි.

 

Search