උසාවි නියෝගයක් නැතිව දුරකථන ටැප් කරනවා - පාඨලී (VIDEO)

 

උසාවි නියෝගයක් නැතිව CIDය විසින් දුරකථන ටැප් කරන බව අද දිනයේ හෙළිදරව් වුණේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක කියා සිටිනවා.

ඔහු ඒ බව කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ කැඳවීමකට අනුව ඒ හමුවට පැමිණ පැය තුනක ප්‍රකාශයක් ලබාදී පිටව යන අවස්ථාවේ දී ය.

"වැදගත් කාරණයක් මෙතැනදී හෙළිදරව් වුණා. ඒක තමයි මීට අදාලව ඉන්න අයගේ දුරකථනවල දත්ත ඒ ගොල්ලන්ට නොදන්වා ඒ වගේම උසාවි නියෝගයකින් තොරව රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා විසින් ලබාගෙන ඇති බව. ඒක සම්පූර්ණයෙන්ම මේ මිනිසුන්ගේ පුද්ගලිකත්වය උල්ලංඝනය කිරීමක්. රහස් පොලිසියට කිසිම අයිතියක් නැහැ උසාවි නියෝගයකින් තොරව අදාළ පුද්ගලයා දැනුවත් කිරීමෙන් තොරව ඒ පුගලයින්ගේ දුරකථනවල දත්ත ගන්න. ඒක අපේ පුද්ගලිකත්වය සම්පුර්ණයෙන්ම උල්ලංඝනය කිරීමක්."

Search