රජයේ යෝජනාව පිළිගන්න බැහැ : ගුරු-විදුහල්පති වර්ජනය දිගටම (VIDEO)

ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් පවත්වාගෙන යන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග

තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යාමට එම වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇත.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමර්ග ගැන තීරණාත්මක සාකච්ජාවක් ඊයේ (12) දින අරලියගහ මන්දිරයේදී අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවතී අතර එහිදී යෝජනා වී තිබුණේ අදියර දෙකක් යටතේ ගුරු විදුහල්පතිවරු වෙත යෝජිත වැටුප ලබා දීමටයි.

ඒ අනුව පළමු අදියර 2022 ජනවාරි මාසයේදී සහ දෙවන 2023 ජනවාරි ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබේ.

ඒ අනුව ඊයේ දිනයේදී අගමැතිවරයා සහ ගුරු විදුහල්පති වෘත්තීය සමිති අතර පැවති සාකච්ජාව එකඟතාවකින් තොරව අවසන් වී තිබුණි.

අද දිනයේදී මේ ගැන අවසන් තීන්දුව ගැනීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය රැස් වූ අතර එම හමුවෙන් පසු මීට සුළු මොහොතකට පෙර මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් පැවසුවේ රජයේ යෝජනාව පිළිගත නොහැකි හෙයින් තවදුරටත් සිය වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය ඉදිරියට ගෙන යන බවයි.