නීති විරෝධීව එකලස් කළ කෝටි 12ක වාහන හොරෙන් ලියාපදිංචි කර විකුණලා..! හිටපු ඇමතිට වලානෙන් දැල එලයි.... වෑන් රියක් ජීප්රියක් සමග සගයෙක් මාට්ටු

  නීති විරෝධීව එකලස් කළ කෝටි 12ක වාහන හොරෙන් ලියාපදිංචි කර විකුණලා..! හිටපු ඇමතිට වලානෙන් දැල එලයි.... වෑන් රියක් ජීප්රියක් සමග සගයෙක් මාට්ටු

නීති විරෝධීව එකලස් කරන ලද රුපියල් කෝටි දොළහකට අධික වටිනාකමකින් යුත් අධි සුපෝකබෝගී ජීප් රථ හයක් ව්‍යාජ ලෙස ලියාපදිංචි කර විකුණූ බව කියන බස්නාහිර පළාතේ හිටපු ප්‍රබල ඇමතිවරයෙකුට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇත.

    මෙම මහා පරිමාණ ජාවාරමට සම්බන්ධ හිටපු ඇමතිවරයාගේ සමීපතයින් කීපදෙනෙකු ඉදිරි දින කීපයේදී අත්අඩංගුවට ගැනීමට නියමිතය.

මෙම හිටපු ඇමතිවරයාට අයත් නීති විරෝධී ජීප් රථ ව්‍යාජ ලෙස දියාපදිංචි කළ බව කියන මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රබලයන් කීප දෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට නියමිතය.

මෙම හිටපු ඇමතිවරයා විසින් අලෙවි කළ ව්‍යාජ වෑන් රථයක් සහ ජීප් රථයක් සමග ඔහුගේ සමීපතම ගෝලයකු වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් පසුගියදා අත්අඩංගුවට ගන්නා ලදී.

එහිදී කළ ප්‍රශ්න කිරීම් වලදී හිටපු ඇමතිවරයා ඇතුළු ඔහුගේ සමීපතීන් මෙම ජාවාරමට සම්බන්ධ බවට හෙළි විය.

හිටපු ඇමතිවරයා ව්‍යාජ ලෙස සකස් කර විකුණු ජීප් රථ හයක් සන්තකයේ ඇති පුද්ගලයන්ද මේ වන විට වලාන දූෂණ මර්දන ඒකකය විසින් සොයාගෙන ඇති අතර ඒවා ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිතය

Search