හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක කෙරෙහි ජනාධිපති කොමිෂන් සභාවක් විසින් කර ඇති යම් නිර්දේශයන් ක්‍රියාත්මක වීම අත්හිටවන මැයෙන්
අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ.
ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් විසින් පෙත්සම ගොනු කර ඇත්තේ උපාලි අබේරත්න සභාපතිත්වය දැරැ ජනාධිපති කොමිසමේ නිගමනවලට එරෙහිව යි.
යහපාලන රජය සමයේ සිදුකරන ලද්දේ යයි කියන දේශපාලන පලිගැනීම් පිලිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් හිටපු ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු උපාලි අබේරත්න සහ තවත් සාමාජිකයන් දෙදෙනකුගෙන් සමන්විත ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කරන ලද අතර එම කොමිසමේ නිගමන 2020 වසරේදී එලිදක්වන ලදී.