ගෑස් නිසා පාර්ලිමේන්තුවත් පත්තු වෙයි : කතානායකගෙන් ආණ්ඩුවට බැනුම් (VIDEO)

ඉදිරිපෙළ ඇමැතිවරුන් සභාවේ නොසිටීම කනගාටුදායක බවත් සියලූම ඇමැතිවරුන් පැමිණෙන්නේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු එනදාට පමණක් හෙයින්

ඔහුට හැමදාම සභාවට එන ලෙස දැනුම් දීමට සිදුවන බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේදී අද (30) පැවැසීය.

කතානායකවරයා මෙසේ පැවසූවේ ගෑස් සිලින්ඩර පුපුරා යෑමේ සිද්ධීන් සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර සංවාදයක් ඇතිවූ අවස්ථාවේදීය.

මෙවැනි ප්‍රශ්න ඇතිවූ විට ඒවාට පිළිතුරු දීමට මෙතන සිටින සියලුම දෙනා බැඳී සිටින බවත් මෙහි කිසිවකු සාමූහික වගකීමෙන් ඉවත් නොවිය යුතු බවත් කතානායකවරයා වැඩිදුරටත් පැවැසීය.

ගෑස් සිලින්ඩර් පුපුරා යාම ගැන අද පාර්ලිමේන්තුවේ දී ඇති වූ විවාදය පහතින්,