අමාත්‍යංශ බෙදලා තියෙන්නේ කිසි තේරුමක් නැති විදියට (VIDEO)

අද වනවිට අමාත්‍යාංශ බෙදා ඇත්තේ කිසිම කෙනෙකුට තීරණයක් ගෙන වැඩ කිරීමට හැකි වන අයුරින් නොවන බැවින් පළමුවෙන්ම සිදු කළ යුත්තේ ඒවා

විද්‍යාත්මක ක්‍රමයකට බෙදීම බව අපේ ජන බල පක්ෂය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.

විදුලිබල අමාත්‍යාංශය සහ බලශක්ති අමාත්‍යාංශය පිළිබඳ අද (29) පැවති අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී උන්වහන්සේ මේ බව සඳහන් කළ හ.

"අද කෘෂිකර්ම අමාත්‍යාංශය එක තැනක. වැවිලි කර්මාන්ත එක තැනක. මහවැලිය එක තැනක. පොහොර හදන්නේ තවත් තැනක. ඇමැතිතිතුමා තවත් තැනක," යැයි පැවසු රතන හිමි මේ ආකාරයට කටයුතු සිදුවෙද්දී නිවැරදි තීරණයක් අරගෙන ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි බරපතළ ප්‍රශ්නයක් මතුවන බව ප්‍රකාශ කළහ.