වත්මන් ආණ්ඩුවේ කාලය අවසන් වී ඇති බව තේරුම් ගෙන දේශපාලන වේදිකාවෙන් බැස යනවා නම් අඩුම තරමේ ඒ නම්බුව හෝ ඔවුන්ට ඉතිරි වන බව
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනික සභික කේ.ඩී. ලාල්කාන්ත පවසනවා.
මින්පෙර "ගම සමඟ පිළිසඳරක්" පැවැත්වූ ලෙසින්, පොහොර ඇතත් නැතත් කෘෂිකර්මාන්තය සිදු කරන ආකාරය ගැන ගොවි ජනතාව අතරට ගොස් විමසුවහොත්, ජනාධිපතිවරයාට සජීවීව ඔවුන් ගෙන් හොඳ උත්තර ලබා ගත හැකි බවයි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ.