රට මුහුණ දී ඇති අර්බුදයෙන් මිදීමට නම් උද්ධච්ඡ හැසිරීම් පසෙක තබා විශේෂඥ සහය ලබාගත යුතු බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අද (02) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොනාක් ඉම්පීරියල් ශාලාවේ දී පැවැත්වුණු ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 11ක් විසින් සකසන ලද “මුළු රටම හරි මඟට” ජාතික ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි,
“රට ගොඩගන්න පළමුවෙන්ම විශේෂඥ සහය ගන්න ඕනෙ. නැතුව මට මේ සියල්ල තේරෙනවා. මගේ මොළෙයි ඉතුරු තව 6යි තියෙන නිසා මට කිසි ප්‍රශ්නයක් නෑ. මට මොකටද විශේෂඥ සහය, මට ඕන විදිහට ඔක්කොම වෙනවා නම් ඒ මදෑ. ඒ උද්ධච්ඡ මානසිකත්වයට මේ අභියෝගය ජයගන්න බෑ. IMFම නෙවෙයි ඕන තරම් ආයතන තියෙනවා.
එතකොට, මහබැංකුවේ අධිපතිතුමා කියනවා මාස 6ක් තිස්සේ මම ලිපි 9ක් ඇරියා මේ තත්වය හමුවේ ගතයුතු පියවර නිර්දේශ කරලා කියලා. නමුත් ඒ කිසිඳු ලිපියකට ප්‍රතිචාරයක් නෑ කියලා මහබැංකුවේ අධිපතිතුමා කියනවා. හම්බෙන්න වෙලාවක් නෑ මුදල් ඇමතිතුමාව. මෙච්චර විදේශ විනිමය අර්බුදයකින් රට පීඩා විඳින වෙලාවක මහබැංකු අධිපතිව හම්බවෙන්න මුදල් ඇමතිට වෙලාව නැත්තන් එක්කො මේක කෙලවා ගන්න ඉඩදී බලා සිටිනවා.
රට අර්බුදවලට ලක්වෙලා දුර්වල උනාම විදේශ රටවලට පුළුවන් MCC වගේ ගිවිසුම් අත්සන් කරවගන්න බල කරන්න. ඒකටද මේ ඉඩ දීලා බලන් ඉන්නෙ කියලා අපිට සැකයි. අපිට ඉන්නත් මැරෙන්නත් තියෙන්නෙ එක රටයි. සමහරුන්ට වගේ ද්විත්ව පුරවැසිකම් නෑ මොළ හතේ මුදල් ඇමති රටට කෙළවීමට ඉඩදී බලන් ඉන්නවද සැකයි."