කැබිනට් මණ්ඩලය නැහැ කියලා පාර්ලිමේන්තු කටයුතු අඩාල වෙන්න දෙන්න බැහැ - අනුර (VIDEO)

කැබිනට් මණ්ඩලය පත් වන දිනයක් ගැන අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළ යුතු බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර

කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය.

කැබිනට් මණ්ඩලයක් පත්නොකර පාර්ලිමේන්තුවේ කටයුතු අඩාල වීමට ඉඩ දිය නොහැකි බව කී ජාතික ජන බලවේගයේ නායකයා මෙි නිසා මන්ත්‍රීවරුන් ඇමතිවරුන් ගෙන් ඇසිය යුතු වාචික ප්‍රශ්න දිගින් දිගටම කල් දමමින් සිටින බවද අවධාරණය කළේ ය.

"සති කිහිපයක් න්‍යාය පත්‍රයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නය එනවා. හැබැයි ඔබතුමාලා ඒවා පසුදිනයක කල් තබන බව කියනවා. අගමැතිතුමා එක්ක අමාත්‍යවරු 5 දෙනෙක් ඉන්නවා. එතකොට සමහර ප්‍රශ්නවලට පිළිතුරු ලබාදිය හැකියි. කැබිනට් මණ්ඩලය පත් කරන දිනයක් නැතිව පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කල්දදා යනවා අමාත්‍ය මණ්ඩලයක් පත්වෙනකන් කියලා. අගමැතිවරයා පාර්ලිමේන්තුවට කියන්න ඕන මේ දිනය වෙද්දී කැබිනට් මණ්ඩලය පත් කරලා අවසන් වෙනවා එතෙක් ඉන්න කැබිනට් අමාත්‍යවරුන්ගේ ප්‍රශ්න ටික හරි දාන්න කියලා. ආණ්ඩු විසින් කැබිනට් මණ්ඩලය පත් කරන්නේ නැතිව පාර්ලිමේන්තු කටයුතු අඩාල වෙන්න බැහැ."