රාජිත අපේක්ෂිත ඇප ඉල්ලයි !

රාජිත අපේක්ෂිත ඇප ඉල්ලයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගැනීමට සොයන හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා නීතිඥවරයෙකු මාර්ගයෙන් අපේක්ෂිත ඇප අයදුම් පත්‍රයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට අද (14) ඉදිරිපත් කිරීමට නියමිතය.

රාජිත සේනාරත්න මහතා ධීවර ඇමැති ධුරයේ කටයුතු කළ සමයේ කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබා දී රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් රජයට සිදුකර ඇති බවට වන චෝදනාව යටතේ ඔහුව අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසම සැලසුම්කර ඇත.

සැකකාර රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ඉල්ලා අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව පසුගිය සතියේ අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව වරෙන්තු නිකුත් කල අධිකරණය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට හැකියාව තිබෙන බවත් පෙන්වා දී ඇත.

ඒ අනුව අල්ලස් කොමිසම කණ්ඩායම් කිහිපයක් යොදවා රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබිණි.

මෙවන් පසුබිමක රාජිත සේනාරත්න මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අපේක්ෂිත ඇප අයදුම් පත්‍රය අද අධිකරණයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබූ බවයි

Search