ඖෂධ 56 ක් තවදුරටත් ප්‍රමාදයි...

ඖෂධ 56 ක් තවදුරටත් ප්‍රමාදයි...

දැනට හිඟව පවතින ඖෂධ වර්ග 56 ක් සඳහා පමණක් ප්‍රසම්පාදන ප්‍රමාදය මාස නවයක් පමණ ගතවනු ඇතැයි ගණන් බලා ඇති අතර, එයින් ඇඟවෙන්නේ සම්පූර්ණ අලු‍ත් තොග නැවත පැමිණීමට 2025 අග භාගය දක්වා කල්ගත විය හැකි බවයි. මේ නිසා පවතින ඖෂධ හිඟය නිමවීමට මේ වසර අග පමණ වනු ඇත.

වෛද්‍ය සැපයුම් දෙපාර්තමේන්තුවේ 2025 පෙබරවාරි වාර්තාවට අනුව අත්‍යවශ්‍ය ඖෂධ 333 ක තොග දැනට නොමැති බව වාර්තා වී තිබුණි. එසේම පිළිකා, දියවැඩියාව, අපස්මාරය සහ මානසික රෝග වැනි නිදන්ගත හා බරපතළ රෝග සඳහා අත්‍යවශ්‍ය ඖෂධ රාජ්‍ය හා පෞද්ගලික රෝහල් අංශ දෙකෙහිම හිඟ බව වාර්තා වේ.

මේ අතර පිළිකා ඖෂධ, ඉන්සියුලින් සහ ජීවනී ඇතුළු ඖෂධ බොහෝ දුරට ලබාගත නොහැකි හෝ දැරිය නොහැකි මිල මට්ටමක පවතී. පෞද්ගලික අංශයේ ඖෂධ සැපයුම 30% කට වඩා පහත වැටී ඇති අතර, බොහෝ ඔසුසල්වලට ඉල්ලු‍ම සපුරාලීමට නොහැකි වී තිබේ

Search