බලශක්ති පනත හරහා සිදු කරන්නේ පුනර්ජනනීය බලශක්තිය ධෛර්යමත් කිරීමද? එසේ නැතිනම් රටේ ඇතිවී තිබෙන විදුලි අර්බුදය සහ ආර්ථිකය අර්බුදය
දඩමීමා කරගෙන හොරුන්ට හොරකම් කර ගැනීමට පාර සාදා දීම දැයි ජාතික ජන ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් ප්‍රශ්න කර අසිටිනවා.
අද (9) පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා සූර්ය, සුළං සහ ජල විදුලි බලාගාර වැඩි දියුණු කිරීම ලෝක ප්‍රවණතාවය වී ඇති ව්ටදී පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව කාගේවත් විරුද්ධත්වයක් නැති බවත් බලශක්තිය ප්‍රවර්ධනය කිරීම ගැන ප්‍රතිපත්තිමය ගැටළුවක් නැති බවත් මන්ත්‍රීවරයා පැවසීය.
මේ සඳහා ටෙන්ඩර් පටිපාටිය අනුගමනය නොකරන්නේ ඇයි දැයි ප්‍රශ්න කළ විජිත හේරත් මන්ත්‍රීවරයා ටෙන්ඩර් පටිපාටියෙන් අනුමත කරන ව්‍යාපෘති අසාර්ථක යැයි කීම පිළිගන්න බැරි බවද අවධාරණය කළේ ය.