අමරකීර්ති අතුකෝරාල මන්ත්‍රීවරයා වැනි අහිංසක පුද්ගලයෙක් මරා දැමූ අරගලකරුවන්ගේ හිත්වල වෛරය සහ ලේ තැවරී ඇති බවත් අරගලය තවදුරටත්
අහිංසක හා සාමකාමී එකක් නොවන බවත් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පවසනවා.
හිටපු අගමැතිවරයා මෙම අදහස් පළකර සිටියේ මසකට පසුව අද (10) පාර්ලිමේන්තුව අමතමිනි.
අමරකීර්ති අතුකෝරාල මන්ත්‍රීවරයා ප්‍රදේශයේ ජනතාවට යමක් සිදු කිරීමට උපරිමයෙන් උත්සාහ කළ අහිංසක පුද්ගලයකු බවත් ඔහු සිය දේශපාලනය තුල කිසිදු ආකාරයක හිංසා මාවතේ ගමන් නොකළ බවත් හිටපු අගමැතිවරයා කියා සිටියේ ය.
එදා අරගල භූමියේ සිටි ආගමික නායකයින්ද මෙම ඝාතන නැවැත්වීමට කතා නොකළ බවත් එය හෙළා නොදැක්ක බවත් ඔහු චෝදනා කර සිටියේ ය.