කුස්සියේ අරගලය පාරට ගෙනෙමු - අද සිට සතියක් කාන්තාවෝ පාරට (VIDEO)

නැසීගිය සහ අහෝසිවීමට නියමිත සියලු අයිතිවාසිකම් වෙනුවෙන් සහ දුක් විදින රටේ ජනතාව වෙනුවෙන් සාමූහිකව පාරට බසින ලෙස අයිතීන් උදෙසා

කාන්තාවෝ සංවිධානය මෙරට සමස්ත කාන්තාවන්ගෙන් ඉල්ලීමක් කර සිටියි.

තනි තනිව ගෙවල්වල සිට කරන අරගලය වෙනුවට ජූනි 27 සිට ජූලි 3 දක්වා සාමූහිකව මහපාරේ අරගල කිරීමට පෙල ගැසෙන ලෙස යි එම සංවිධානය ඉල්ලා සිටින්නේ.

අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සාමාජිකා සමන්මලී ගුණසිංහ මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

"අවුරුදු 74ක ශාපය අපව අසීමාන්තිකව පීඩනයෙන් වෙලා සිටින මොහොතක පෝලිම් වල රැදීසිට ජීවිත ඔහේ මහ පාරවල් වලට දියාරු කර හරිනවාද, ඔවුන්ට නොවටිනා නමුත් ඔබට ඔබේ පවුලට මේ රටට වටිනා වූ ජීවිතවලට නියම වටිනාකමක් ලබාදීමට ඔබ පෙරට එනවාද, ඔබගේත් මගේත් කාන්තාවන් ලෙස නැසීගිය සහ අහෝසිවීමට නියමිත සියලු අයිතිවාසිකම් සහ අපට හිමිව තිබූ සහ හිමි වීමට නියමිත සියලුම රුපියල් ශත සහ ඩොලර් අප වෙනුවෙන් අපේ දරුවන් වෙනුවෙන්, දුක් විදිනා රටේ ජනතාව වෙනුවෙන් ලබා ගන්නා සටන, කුස්සියේ නිවසේ ඔබ හදවතේ විලාපය මහ පාරට දකවා පෙරට රැගෙනයාමේ මහා සටන සහ රට ගොඩ නැගීමේ කාර්‍යයට පන පොවන විප්ලවීය කාන්තා හඬ වෙනුවෙන් පෙල ගැසෙන්න ජූනි 27 සිට ජූලි 3 දක්වා අඛණ්ඩව පෙරට එන්න."