රනිල් ඇතුළට දැමීමට එරෙහි ජාත්‍යන්තරය අවදිවෙයි - ඩේවිඩ් කැමරන් හා නෂීඩ්ගෙන් ඇමතුම්

රනිල් ඇතුළට දැමීමට එරෙහි ජාත්‍යන්තරය අවදිවෙයි - ඩේවිඩ් කැමරන් හා නෂීඩ්ගෙන් ඇමතුම්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එරෙහිව ප්‍රමුඛ විපක්ෂ දේශපාලන පක්ෂ නායකයෝ දැඩිව පෙළ ගැසෙමින් සිටිති. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීමට උත්සාහ දරන බවට චෝදනා කරන එම නායකයෝ, ඊට එරෙහිව සාමූහික ක්‍රියාමාර්ග ගන්නා බවට අවධාරණය කරති.

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් ඇතුළු විපක්ෂයේ ප්‍රබලයින් රැසක් ඊයේ (23) කොළඹ පිහිටි වික්‍රමසිංහ මහතාගේ ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවතේ (පැරණි ෆ්ලවර් පාර) කාර්යාලයේදී හමුවිය. හිටපු අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නීතිඥ කණ්ඩායමක්ද මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර, වික්‍රමසිංහ මහතාගේ මීළඟ නඩු විභාගය පැවැත්වෙන අඟහරුවාදා (26) දක්වා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

Search