බස්නාහිර ආණ්ඩුකාර ඉල්ලා අස්වෙයි..?

බස්නාහිර ආණ්ඩුකාර ඉල්ලා අස්වෙයි..?

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යුනුස් මහතා ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට සමාජ මාධ්‍යවල වාර්තා පල වෙයි.

නමුත් ඒ සදහා ජනාධිපති අනුර දිසානායක මහතා එකගතාව පල කර නැති බවත් සැප්තැම්බර් මස අවසන් වන තෙක් හෝ ධුරයේ සිටින ලෙස ඉල්ලා ඇති බවත් ඒවායේ සදහන්ය.

ඒ පිලිබදව ආරංචි මාර්ග වාර්තා කරන්නේ සිය ව්‍යාපාර කටයුතු වල යෙදීම ඇතුළු පෞද්ගලික කාරණා මත බස්නාහිර ආණ්ඩුකාරවරයා මෙම තීරණය ගැනීමට ඉඩ ඇති බවය.

හනිෆ් යුනුස් මහතා මෙරට ප්‍රමුඛ පෙලේ ව්‍යාපාර සමූහයක ප‍්‍රධානියෙකු වන අතර ඔහු යටතේ සේවකයන් විශාල පිරිසක් සිටින ආයතන කිහිපයක්ම පවතී

Search